අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (17) පෙරවරුවේ අරලිය ගහ මන්දියේදී පැවති තොරතුරු පනත ජනගත කිරීමේ උත්සව අවස්ථාවට එක් වෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, “මුලින් ම මෙවැනි පනතක අවශ්‍යතාව ගැන කතාබහ මතු කළේ අපේ රටේ ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු ව සිටි ධර්මසිරි සේනානායක මැතිතුමයි. ඊට පසුව චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණිය ජනාධිපති ව සිටි අවධියේ ප්‍රතිපත්තිමය වශයෙන් මෙවැනි පනතක් අපේ රටට යෝග්‍යයි එතුමිය පිළිගනු ලැබීය.
එමෙන් ම 2001 රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ රජය නැවත වතාවක් මේ පනත ගෙන ඒමට අවශ්‍යයි යන්න තීරණය කළා. එතුමා කැබිනට් අනුමැතිය මේ සඳහා ලබාගත්තා. ඒ අවස්ථාවේ එතුමා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කෙටුම්පත් සකස් කරමින් සිටියේ. ඒ වෙලාවේ අණ්ඩුව වෙනස් වුණා. ඊට පස්සෙ විරුද්ධ පක්ෂයට ගිය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විරුද්ධ පක්ෂයේ නායකයා හැටියට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කළා. එවකට පැවති ආණ්ඩුව විරුද්ධ පක්ෂයේ නායකයෙකුට පුද්ගලික මට්ටමේ මන්ත්‍රී යෝජනා ගෙන ඒමට නොහැකි බව පවසා මෙය වහා ඉවතට දැමීය. වර්තමාන කතානායක දේශබන්දු කරූ ජයසූරිය මහතා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ වෙලාවේ ආණ්ඩුව කීවා මෙය පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ඒම අවශ්‍ය නෑ. අප රජයක් ලෙස විධිමත්ව මේ පනත ලඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියල. ඒ පනත ඉවත් කරගන්නා ලෙස දැන්වූවා. නැවත රජය මෙය ගෙන ඒමට උත්සාහ නොකර බව අප එවකට දුටුවා. ඒ වෙලාවේ එවකට ඇතැම් නායකයින් පැවසුවා තොරතුරු දැන ගැනීමට පනත් මොකටද කියල.
ඕන දෙයක් අසන්න අපෙන් කියල. දෙවන වතාවටත් කරූ ජයසූරිය මැතිතුමා නැවතත් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පනත පාර්ලිමේන්තුවට ගෙනාව. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මෙවැනි පනතක් අවශ්‍යද? නැද්ද? කියල ඡන්ද විමසීමක් කළා. ඒ අවස්ථාවේ අපට පැවති මෙම අවස්ථාවත් අපට අහිමි කර දුන්න. මේ අතරේ අපේ වර්තමාන ජනාධිපතිතුමා සියලු දෙනාගේ ආශිර්වාදයෙන් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එතුමා අඩංගු කළා දින සියයේ වැඩපිළිවෙළ යටතේ තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව. ඒ අනුව රජය හැටියට නැවත වතාවක් රජය මේ කටයුත්ත ආරම්භ කළා. නමුත් දින සියය ඇතුළත පාර්ලිමේන්තුවට මේ පනත ගෙන ඒමට නොහැකි වූණා. විවිධ සංවිධාන, සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, විද්වතුන්, මේ රටේ සාමාන්‍ය ජනතාව අතර, විශාල ඉල්ලුමක් පැවතුනා මෙවැනි ප්‍රබල පනතක් ගෙන එන විට අපේ අදහසුත් ලබා ගන්න කාලයක් දෙන්න කියල. ඒ අනුව ඒ සියලු දෙනාට අදහස් ලබා දීමට කාලය අප ලබා දුන්නා. පසුව පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු ජනාධිපතිතුමාගෙත්, අග්‍රාමාත්‍යතුමාගේත් ආශිර්වාද ඇති ව නැවත සකස් කළ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කළා. අවස්ථා ගණනාවකදී ගෙන ඒමට උත්සාහ කළ මේ පනත කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු පනත ලෙසද මෙම ඵෙතිහාසික පනත පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීන්ගේ කැමැත්තෙන් සම්මත කර අද දින යථාර්ථයක් කර ගැනීමට හැකි වී තියෙනවා. මෙම පනත පිළිබඳ විවිධ අදහස් මතු වුණා. මෙය අලුත් ම පනතක්. මෙවැනි පනතකට හුරු වීමට කාලයක් ගත වෙනවා.
මෙම පනත සම්මත කළ පසු බොහෝ දෙනා සිතුව මෙය සම්මත කර පැත්තකට දමා පවතියි ක්‍රියාත්මක නොකර කියල. අද වන විට ජනමාධය අමාත්‍යාංශය රාජ්‍ය ආයතන ගණනාවකට තොරතුරු නිලධාරීන් හඳුනාගෙන මෙම පනත ආරම්භ කිරීමට දැං පියවර ගෙන තියෙනවා. අප මේ පනත සම්මත කරන කළ මේ පනත ලෝකයේ ශ්‍රේණි ගත කරන සංවිධාන අපේ පනත ලෝකයේ හොදම හත්වන පනත ලෙස ශ්‍රේණි ගත කර පැවතුනා. ආසියානු කලාපයේ අල්ලපු ඉන්දියාවට විතරයි අපේ පනත දෙවනි වුණේ. ටික කලක් යන විට මේ පනතට වඩා තවත් සාර්ථක පනත් දෙකක් රටවල් දෙකක් විසින් ඉදිරිපත් කළ නිසා අප ලෝකයේ හොදම නව වන පනත බවට පත්වුණා. විෂය භාර අමාත්‍යවරයා ලෙස අවසානයේදී මේ පනත ක්‍රියාත්මක කිරීම අවශ්‍ය රෙගුලාසි ගැසට් කිරීමට මට සිදු වුණා. තොරතුරු කොමිෂම සමඟ සාකච්ඡා කරල තොරතුරු පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ රෙගුලාසි පෙබරවාරි 03 වන දින ගැසට් පත්‍රයක් මගින් නිකුත් කරනු ලැබුවා. රෙගුලාසි ගැසට් කළ පසු ලෝකයේ ශ්‍රේණිගත කරන සංවිධාන මෙය ඉන්දියාවටත් වඩා හොදම පනත ලෙස සලකා ලෝකයේ හොදම තුන්වෙනි පනත ලෙස ශ්‍රී ලංකාවේ තොරතුරු පනත නම් කරනු ලැබීය.
සාමාන්‍යයෙන් රජයක් මෙවැනි සම්මත කර ගැනීමට වැඩි කැමැත්තක් නෑ. හේතුව ආණ්ඩුවක් වීදුරු කූඩුවක් ඇතුළට ගියා වැන්න මෙවැනි පනතක් ඇති කිරීම. ආණ්ඩුවක විනිවිද බවක් මෙමගින් නිරූපනය වෙනවා. යහපාලන ආණුඩව ජනතාවට මෙම අයිතිය ලබාදීමට අද පියවර ගෙන තියෙනවා.”