අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වයේ නැවතත් අඩුවීමක් අපේක්ෂා කරයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    පෙබරවාරි 16, 2017

    දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද දින සිට වැසි තත්වයේ නැවතත් අඩුවීමක් අපේක්ෂා කරන අතර පෙබරවාරි මස 19 සහ 20 දින වලදී (විශේෂයෙන්  දිවයිනේ දකුණු අර්ධයේ)  වැසි තත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කළ හැක.

     

    දිවයිනේ නැ‍ඟෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේත් වැසි වාර කිහිපයක් ඇති  ‍වේ. සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න්  පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍විය හැක.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya