අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ නෑ - අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න

    පෙබරවාරි 15, 2017

    පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ නොවන බවත් සයිටම් දෙස දේශපාලනිකව නොබලන බවත් සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (15) කොළඹ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    අද (15)  වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු සියලු දෙනා හමුවෙනවා. සිදුව ඇති දේ පිළිබඳව සාකච්ඡා කරනවා. සයිටම් එක තියෙනවද නද්ද කියන එක දේශපාලන ප්‍රශ්නයක්. තිබිය යුත්තේ ප්‍රමිතියයි. හොඳ වෛද්‍යවරයකු බිහි කිරීමයි අවශ්‍ය වන්නේ.මෙඩිකල් කවුන්සිලය මෙපමණ කල් මොනවද කළේ? 2008 සිට ස්ටෑන්ඩස් නෑ. ජි.එම්.ඕ එක මොකක්ද කළේ මෙච්චර කල්? මේක තමයි උසාවියේ තිබෙන ප්‍රශ්නය.ලෝ එකක් තියෙන්න ඔබ, බයි ලෝ එකක් එන්න. මම  ප්‍රමිතීන් අරගෙන නීතිපති දෙපාර්තමේන්තුවට යැව්වා. එයටත් වසර එක හමාරක් පමණ ගත වෙලා.

    මෙහි ඉගෙන ගන්නේ ඔක්කොම ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්. ඒක අනෙක් අයට අමතක වෙලා.එදා වෛද්‍ය සභාව, රජය ,සයිටම් ඔක්කොම එකට හිටියේ. අද මේ අය අපේ අඟෙන ගහන්න හදනවා. ඒ අය හදපු දරුවා, අපිට මරන්න කියනවා. කේ.ඩී.ඒ එක ගේන්න වෙනම වෛද්‍ය ආඥා පනත සංශෝධනය කළා. විනාඩි හතළිස්පහයි .පිටු දෙකයි අවසරය තිබුණේ එදා. අද සයිටම් එකේ ප්‍රශ්නය මොකක්ද? අඳන් 1000කට වඩා පහසුකම් සහිත රෝහලක් තිබෙනවා. මේ විදියට ක්‍රමවේද වෙනස් කළ අය මේ කතා කරන්නේ.

    සයිටම් ගැන ක්‍රමවේදය එකයි.අපි පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලටවිරුද්ධ නෑ.පාර්ලිමේන්තුවේ දී විමල් වීරවංශ මහතාත් වැදගත් කතවක් කළා, පාර්ලිමේන්තුවේ දී. මේක උඩ කට්ටියක් ඉන්නවා 2020 බලයට පත්වෙන්න,මේ දරුවන්නේ ලේ වලින් තමන්ගේ රතු ධජය තව රතු ලරගන්න තව කට්ටියක් ඉන්නවා කිව්වා.අපි එතන නෑ. කිව්වා.

    මේ දරුවන්ට ප්‍රමිතිය සළකා විසඳුමක් දෙන්න කියලා. මෙය සංවේදී කාරණයක් කිව්වා. සංවේදීභාවය ඇත්ත. ඒ ශිෂ්‍යයන්ගේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ අයගේ ස්ථාවරය එදත් හිටියා. මේ දෙස මම දේශපාලනිකව බලන්නේ නෑ .ඔය කියන නිදහස් අධ්‍යාපනය විශ්වවිද්‍යාලවල නෑ. නිදහස් අධ්‍යාපනය අපි කොටසකට ලබාදීලා තිබෙනවා. ඉතුරු කොටසටත් අධ්‍යාපනයටත් නිදහස ලබාදිය යුතුයි. අපි කුළියාපිටියෙත් වෛද්‍ය පීඨයක් හදනවා.රුහුණු විශ්වවිද්‍යාලයට අලුත් ගොඩනැඟිලි දුන්නා.හැමෝටම වෛද්‍ය අධ්‍යාපනයක් දෙන්න ලෝකයේ කාටවත් බෑ. දුප්පත් ළමයින්ට ණය ක්‍රමයක් දෙන්න, අයවැයෙන් ගෙනැල්ලා තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya