අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුතූර් නගරයේ ලංකා සතොස ආරම්භක දිනයේදී වාර්තාගත ආදායමක්

    පෙබරවාරි 14, 2017

    මුතූර් නගරයේ ලංකා සතොස ආරම්භක දිනයේ දී ම රුපියල් ලක්ෂ හයක වාර්තාගත ආදායමක් ලබා ඇති බවත් 325 වැනි ලංකා සතොස සුපිරි වෙළෙඳ සැල පසුගිය 12  වැනිදා මුතූර්හි විවෘත කළ බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

    මෙම ලංකා සතොස සුපිරි අලෙවි සැළ විවෘත කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ ලංකා සතොස අළෙවි සැල් ජාලය මගින් ශ්‍රී ලංකාව පුරා සිල්ලර වෙළෙඳාමට විශාල දායකත්වයක් දක්වන බවයි.

     

    අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

    ‘‘ ලංකා සතොස අළෙවි සැල් ජාලය රට පුරාම විහිදී තිබෙනවා. අද අපි විවෘත කරන්නේ 325 වැනි ලක් සතොස. අපේ ඉලක්කය වී තිබෙන්නේ සතොස අළෙවි සැල් 500ක් රට පුරා ස්ථාපිත කිරීමට. දැනටමත් අපි වර්ෂයකට රුපියල් බිලියන 30ක පමණ වෙළෙඳාමක් සිදුකරනවා. මෙමගින් ශ්‍රී ලංකාව පුරා සිටින පාරිභෝගිකයන්ට ඉතා ගුණාත්මක භාණ්ඩ පහසු මිලට ලබා ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා. ඒ වගේ ම අපි සතොස පාලන අධිකාරිය විශාල වෙනස්කම් වලට භාජනය කළා. දැනට සතොස සේවක සේවිකාවන් 3500ට වැඩි පිරිසක් රාජකාරී කටයුතුවල නිරතව සිටිනවා. ඒ වගේ ම මේ සතොස අළෙවි සැල් ජාලගත කිරීමේ කාර්යය අපි දැනටමත් ආරම්භ කර තිබෙනවා. ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරීමේ ව්‍යාපෘති 125ක් අපි සතොස වෙළෙඳ සැල්වල ක්‍රියාත්මක කළා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූළව සුපිරි වෙළෙඳ සැල්වලින් ලබා ගත හැකි සියලුම සේවාවන් සතොස වෙළෙඳ සැල් මගින් පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට අපි ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා. රජයේ ආයතනයක් ලෙස පාරිභෝගික විශ්වාසය වඩාත් තහවුරු කරමින් ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා දීම තමයි අපේ ප්‍රධාන අරමුණ වන්නේ."


    මුතූර් සතොස විවෘත කළ 12 වැනි දා එහි පැමිණි පාරිභෝගිකයන් සංඛ්‍යාව 1000ට ආසන්න අතර ඔවුන් විසින් මිලදී ගත් භාණ්ඩවල වටිනාකම රුපියල් 611,000ට අධික බව එම අළෙවි සැලේ කළමනාකරු පැවසීය.

     

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙරට ජනගහණයෙන් සියයට 60ක් වූ රුපියල් 30,000ට අඩු මාසික ආදායමක් ලබන පාරිභෝගිකයන් අති බහුතරයක් සතොස අළෙවිසැල් වෙත පැමිණ ගනුදෙනුවල නිරතවන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya