මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික දැක්ම ක්‍රියාත්මක කිරීමේ දී සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ සැළකිලිමත් වීම අතිශය වැදගත්

    පෙබරවාරි 14, 2017

    වසර 2030 වන විට සංවර්ධිත රටක් ලෙස ආර්ථික දැක්ම ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳව සැළකිලිමත් වීම අතිශය වැදගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල් වෛද්‍ය ජේ.එම්.ඩබ්. ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

    කොළඹ දී පැවැත්වීමට නියමිත සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට සහභාගීවෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ ය. මාධ්‍ය හමුව අද (14)කොළඹ,පිහිටි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී පැවැත්විණි.

     

    එහිදී තවදුරටත් අඳහස් දක්වූ සෞඛ්‍ය සේවා අඪ්‍යක්ෂ ජනරාල්වරයා;

    සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මූලිකව කටයුතු කළා. ඒ අනුව ශ්‍රී ලංකාවේ දී දෙවැනි සමුළුව පැවැත්වීමට අවස්ථාව ලබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා පවසයි.

    ශ්‍රී ලංකාවෙන් පිටත සිට ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් රටේ ආර්ථිකයට විශාල දයක්ත්වයක් ලබා දෙනවා.  ඒ වගේම රට තුළට පැමිණෙන සංක්‍රමණිකයන් ආයෝජනවලට දායකවෙමින් ආර්ථිකයට මදිහත් වෙනවා. මෙම කණ්ඩායම්වල සෞඛ්‍ය සම්බන්ධයෙන් සොයබැලීම අතිශය වැදගත්. විශේෂයෙන් රටෙන් පිටවන සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය සොයාබැලීම වැදගත් බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

    ඒ අනුව කොළඹ පැවැත්වෙන සමුළුවට ජාත්‍යන්තර නියෝජිතයන් 33 ක් මේ වනවිටත් පැමිණීම සනාථකර කර අවසන්. ජාතික වශයෙන් ප්‍රතිපත්තියක් සකස් කර ජාත්‍යන්තරය එකඟවී ගන්නා ක්‍රියාමර්ග මොනවාද, විෂයගත ප්‍රතිපත්ති රාමුව ආදී කාරණ පිළිබඳව අවධානයට ලක් කිරීම වැදගත්. පෙබරවරි 23 දින සමුළුව අවසානයේ දී ජනධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ කොළඹ ප්‍රකශය එළිදැක්වීමට නියමිතය.මෙය ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිපත්ති  ඇතුළත් එකඟතා සහිත ලියවිල්ලක්.

    ශ්‍රී ලංකා ආර්ථිකයේ විශාල බරක් දරන්නේ සංක්‍රමණික ප්‍රජාවයි. වසර 2030 වන විට සංවර්ධිත රටක් ලෙස ආර්ථික දැක්මක් ක්‍රියාත්මක කිරීමේ දී  සංක්‍රමණික සෞඛ්‍ය අතිශයිම වැදගත් බවද සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජේ.එම්.ඩබ්. ජයසුන්දර බණ්ඩාර මහත පවසයි.

    සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ  ප්‍රථම සමුළුව ස්පාඤ්ඤයේ, මැඩ්රිඩ් නුවර දී 2008 වසරේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya