අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුව කොළඹ දී - කොළඹ ප්‍රකාශය එළිදැක්වෙයි

    පෙබරවාරි 14, 2017

    සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුව පෙබරවාරි මස 21 සිට 23 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය හා පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා පවසයි.

    සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත්කිරීම සඳහා අද (14) කොළඹ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේ ය.

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් මාග්‍රට් චෑන් මහත්මියගේ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් මෙන්ම දෙස් විදෙස් නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත්වෙයි.

    ලෝකය පුරා සංක්‍රමණ විශාල වසහයෙන් සිදුවීම එම සංක්‍රමණිකයන්ට බලපාන සෞඛ්‍ය ගැටළු පිළිබඳව ජාත්‍යන්තර  අවධනයට යොමු වී තිබේ. රැකියා සඳහා මෙන් ම වෙනත් අවශ්‍යතා සඳහා ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් ලෝකයේ විවිධ රටවල සංක්‍රමණය වීම සුලභ වී තිබේ. සංක්‍රමණිකවීමේ දී බලපාන සෞඛ්‍ය ගැටළුවල දී අදාළ රටවල් සිදු කරන මදිහත්වීම්, ක්‍රමවේදයන් සකස් කිරීම පිළිබඳව මෙම සමුළුවේ දී අවධානය යොමු වෙයි.

     

    ලෝකයේ රටවල් 50ක පමණ නියෝජිතයන් සමුළුවට සහභාගී වෙයි. සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මූලිකත්වය ගෙන කටයුතු කළ රටක් ලෙස මෙම දෙවන සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජේ.එම්.ඩබ්. ජයසුන්දර බණ්ඩාර මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.


    තවද සමුළුව අවසානයේ දී සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ ප්‍රතිපත්තිය ඇතුළත් කොළඹ ප්‍රකාශය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිත බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya