මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තාව හා තරුණ පරම්පරාව වෙනුවෙන් තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ දෙදින වැඩමුළුවක්

    පෙබරවාරි 13, 2017

    තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමේදී කාන්තාවන් හා තරුණ පරම්පරාව අරමුණු කරගෙන දියත් කරනු ලබන උපාය මාර්ගික ක්‍රමෝපායන් පිළිබඳව සාකච්ඡා කෙරෙන දෙදින වැඩමුළුව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට (14 ) දින පෙ.ව 8.30 ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හි ඊගල් ශාලාවේදී ආරම්භ වේ.

    තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබන්නේ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පවුල් සැළසුම් සංගමයයි.

    කාන්තාවන් හා තරුණ පරම්පරාව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරනු ලබන තිරසර සංවර්ධන වැඩසටහනෙහි උපාය මාර්ගික ක්‍රමෝපායන් පිළිබඳ මෙම වැඩමුළුව 14 හා 15 යන දෙදින පුරා පැවැත්වේ.

    කාන්තා, ළමා, තරුණ සංවිධාන නියෝජනය කරන රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන රැසක නියෝජිතයින් මෙම වැඩමුළුවට සහභාගීවීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya