සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපස්මාර දිනය සැමරේ

    පෙබරවාරි 13, 2017

    ලෝක අපස්මාර දිනය පෙබරවාරි 02 දිනට යෙදී තිබුනි.

    සෑම වසරකම පෙබරවාරි මස 02 සදුදා දින ලෝක අපස්මාර දිනය අන්තර්ජාතිකව සමරනු ලබන අතර, ශ්‍රී ලංකාව තුළ මෙම දිනය සහභාගිවන අයගේ පහසුව සඳහා ශ්‍රී ලංකා අපස්මාර සංගමය විසින් ඊයේ  (12) කොළඹ 08, කැම්බල් උද්‍යානයේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මෙම උළෙලට සෞඛ්‍ය අමාත්‍යාංශය, සමාජ සේවා හා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙන්ම ස්වෙච්ඡා සංවිධාන කිහිපයක්ම එක්ව සිටියහ.

    එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා "ශ්‍රී ලංකාවේ අපස්මාර රෝගීන් 150,000 ක් පමණ දැනට ජීවත් වෙනවා. ලෝකය පුරා අපස්මාර රෝගීන් කොටි 04 ක් පමණ ජීවත්වන බව වාර්තා වී තිඛෙනවා. අපේ ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම අපස්මාර රෝගය ඇතිවූ බව හඳුනාගෙන තිබෙනවා. ග්‍රීක ශිෂ්ඨාචාරයේ අපස්මාර රෝගය පුජනීය රෝගයක් ලෙස හැඳින්වූවා. මම නම් කිසිම රෝගයක් ගනන් ගන්නේ නැහැ. නමුත් වෛද්‍යවරුන් ලබාදෙන උපදෙස් පිළිපදිනවා. බුදුරජාණන් වහන්සේටත් රෝග වැළදුනා. නිර්වාණය සොයාගත් උන් වහන්සේටත් රෝග වැළදුනා නම් අපට රෝග වැළදෙන එක අහන්නත් දෙයක් ද, ලෝකයේ සිටි ශ්‍රේෂඨ පුද්ගලයින්ටත් අපස්මාර රෝගය වැළදී තිඛෙනවා. ජූලියස් සීසර්, මහා ඇලෙක්ස්සැන්ඩර් අධීරාජ්‍යා, සාර් අධිරාඡ්‍යා, නැපෝලියම් බොනපාට්, සොක්‍රටි්‍ස්, මයිකල් ඇන්ජිලෝ වැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින්ටත් අපස්මාරය වැළදී තිබුනා.”

     

    "අපස්මාර රෝගීන්ගෙන් සියයට 80 නිරෝගී තත්ත්වයට පත් කිරිමට හැකියාව ඇති බව වෛද්‍යවරු පවසනවා. 19 වන ශතවර්ෂයේ සිට අපස්මාර රෝගයට ප්‍රතිකාර ලබාදෙනවා. 21 වන ශත වර්ෂයේ නවීන තාක්ෂණය අනුව ප්‍රතිකාර ලබාදෙන බව මම  කියන්න කැමැතියි. කොළඹ ජාතික රෝහලේ අපස්මාර රෝග ඒකකයක් මේ වනවිට ඉදිකර තිඛෙනවා. රෝගීන්ට අවශ්‍ය ගුණාත්මක ඖෂධ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිඛෙනවා. ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින් අපස්මාර රෝගය කිසිලෙසකින් ගණන් නොගෙන කටයුතු කිරීම අප කාටත් ආදර්ශයක්. මෙහිදී අපස්මාර රෝගය වැළදුනු ඩබි.එම් මල්කි සංජනා දැරියට සෞඛ්‍ය අමාත්‍යවරයා තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදි.

     

    මෙම අවස්ථාවට අපස්මාර රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ඒ. වනිගසිංහ මහත්මිය, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු මහතා, ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා, විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ මහත්මිය ඇතුලු වෛද්‍යවරු රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya