සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප්‍රථම කරදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය ඇරඹේ

    පෙබරවාරි 13, 2017

    ශ්‍රී ලංකාවේ ප්‍රථම කරදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මඩකළපුවේ ධර්මපුරම් හිදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ කෙරිණි.

    මෙම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය ආරම්‍භකිරීම සඳහා ශ්‍රීලංකා රජය මෙන්ම යුරෝපීය ප්‍රජාව, එක්සත් ජාතීන්ගේ අහාර හා කෘෂිකර්ම සංවිධානයේද සහයෝගය ලබා දී ඇත. ඒ යටතේ මෙම කරදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කරන මුදල රු. දශ ලක්ෂ 142 කි.

     එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ   “දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් සඳහා සහයෝගිතාව” වැඩපිළිවෙල යටතේ මේ සඳහා ආධාර ලබාදීමට කටයුතු කරයි.

    රට අභ්‍යන්තරයේ මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන ස්ථාපිත කළද, මෙතෙක් කරදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකර නැත. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ධීවරයින් සහ ඉන්දියානු ධීවරයින් මෙරට මුහුදු සීමාවේ සිදුකරන නීතිවිරෝධී මත්ස්‍ය පන්න ක්‍රම හේතුවෙන්, මුහුදු ජීවීන්ට, මුහුදු ජලජ පැළෑටි සහ කොරල්පර වලට දැඩි හානියක් සිදු කර ඇති බව ණැර්‍ඇ ආයතනයේ පර්යේෂණ වලින් තහවුරු වී තිබේ.
    .

    එම නිසා කරදිය මත්ස්‍යයින් සහ පැළෑටි අභිජනනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇත. එම නිසා රටේ ස්ථාන කිහිපයක කරදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන පිහිටුවීමට ධීවර අමාත්‍යංශය තීරණය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya