සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් දශ ලක්ෂ 1000ක වියදමකින් මන්නාරම, වැල්ලමන්කර ධීවර වරායක් ලෙස සංවර්ධනය කෙරේ

    පෙබරවාරි 13, 2017

    කොටි ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසු උතුරු - නැගෙනහිර පළාත්වල ධීවර ජන ජීවිතයයථා තත්ත්වයට පත් වුවද, විශේෂයෙන්ම පුත්තලම සිට යාපනය දක්වා ධීවර ජනතාවට ධීවර කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වූයේ නැත. මෙම කාරණය සැලකිල්ලට ගනිමින් මන්නාරම, වැල්ලමන්කර ප්‍රදේශය අංග සම්පූර්ණ ධීවර වරායක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු මේ වන විටත් සැලසුම් කර  තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමත්‍යාංශය පවසයි.

    වැල්ලමන්කර ප්‍රදේශයේ හෙක්ටයාර 06ක භූමියක මෙම අංග සම්පූර්ණ ධීවර වරාය ඉදිකෙරෙන අතර, ඊට වැය කිරීමට යෝජිත මුදල රු. දශ ලක්ෂ 1000කි.

     බහු දින යාත්‍රා 500ක් සහ සාමාන්‍ය ධීවර යාත්‍රා 350ක් නවතා තැබීමේ පහසුකම් ඇති අතර, ධීවරයින්ට අවශ්‍ය ජලය, විදුලිය, ප්‍රජා ශාලාවක්, කාර්යාල පහසුකම්, ඉන්ධන ගබඩා පහසුකම් සහ මසුන් කල්තබා ගැනීම සඳහා අවශ්‍ය අයිස් ගබඩා පහසුකම් ද මෙහි ස්ථාපිත කෙරේ.

    ධීවර ජනතාවගේ ප්‍රායෝගික දැනුම සහ ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගෙන ඒ අනුව ශක්‍යතා වාර්තාව සකස් කර ලබන වසර මැද වන විට මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya