සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒඩ්ස් තුරන් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්වෙයි

    පෙබරවාරි 10, 2017

    ඒඩ්ස් සහ ලිංගාශි‍්‍රත රෝග තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව විදේශ රැකියා පුහුණුලාභීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය දා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි.

    විගමණික ශ‍්‍රමිකයින් ගුණාත්මකභාවය හා සෞඛ්‍ය සම්පන්න බවින් ඉහළ නැංවීම අරමුණු කරගෙන කාර්යාංශය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලිංගාශි‍්‍රත රෝග හා ඒඩ්ස් මර්දන
    වැඩසටහනේ සහයෝගිතාවයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

    එහිදී මෙම වැඩසටහනට එක්වූ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.

    ''විගමණික ශ‍්‍රමිකයින් මේ සම්බන්ධව හොඳ අවබෝධයකින් සිටිය යුතුයි.දියුණු ලෝකයේ මේ හැම දෙයක්ම අපේ ජීවිත වලට ඉතාම වැදගත් වෙනවා. මානව හිමිකම් කවුන්සිලය මඟින්  ඉදිරිපත් කළ වාර්තාවක ගණිකා වෘත්තිය ගැන සඳහන් වුනා. විවිධ දේශපාලන මතිමතාන්තර ඒකට එකතුවෙලා අන්තිමට එළියට ගියේ ශී‍්‍ර ලංකාවේ ගණිකා වෘත්තිය සහ සමලිංගික සේවනය නීතිගත කරන්න යනවා කියලා. ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍ය කතාවක්.

    ”අපිට වැඩියෙන් වැදගත් වෙන්නේ අමාත්‍යංශය හා කාර්යාංශය හැටියට අපේ ශ‍්‍රමිකයින්. අද මේ රටට වැඩියෙන්ම වැඩිය අදායම උපයන්නන් හැටියට කටයුතු කරන අපේ ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව අපට වැදගත්.අපේ අමාත්‍යංශය හරහා ආරම්භ කරලා තියනවා සෑම ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාෂයකම බහුලව විගමණික
    ශ‍්‍රමිකයින් ඉන්න ප‍්‍රදේශ වල ශ‍්‍රමික සුභසාධන වැඩසටහන යටතේ ජංගම සේවයක්. පසුගිය සතියේ ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාෂ 6ක පැවැත්වුනා. හෙටත් අනිද්දාත්පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ පැවැත්වෙන ජංගම සේවා වැඩසටහන මමත් අපේ අමාත්‍යංශයත්,කාර්යාංශයේ නිලධාරිනුත් සම්බන්ධ වෙලා කි‍්‍රයාත්මක කරනවා.''

    මෙම අවස්ථාවට සෞඛ්‍ය හා පෝෂණ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් කාසිම් මහතා ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය,ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමන්‍යාධීකාරීතුමන් කේ. ඕ.ඩී.ඩී ප‍්‍රනාන්දු මහත,නියෝජ්‍ය සමාන්‍යාධීකාරී (පුහුණු) මංගල රන්දෙනිය මහතා නියෝජ්‍ය සමාන්‍යාධීකාරී (ප‍්‍රචාරක හා සැලසුම්) පී. වීරසේකර යන මහත්ම මහත්මීන් ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya