සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවම්පුර පසළොස්වක පොහොය දිනය අදයි

    පෙබරවාරි 10, 2017

    නවම්පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. බුදු සසුණේත් බුද්ධ චරිතතයෙත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස නවම්පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ජනතාව සළකනු ලබයි.


    සැරියුත් හාමුදුරුවන්ට හා මුගලන් මහරහතන්වහන්සේට අගසව් තනතුරු දීම මෙන් ම  සම්බුද්ධ ශාසනයෙහි ප‍්‍රථම වරට මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පසළොස්වක් පොහෝ දවසක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

    තවද බුදුරජානන්වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වදාළේත් නවම් පුණු පොහෝ දිනයකය. ගෞතම බුදුන්වහන්සේ ආයු සංස්කාරය හැරීම ද සිදුවුණේ නවම් පුර පසළොස්වක දවසක  බවද ශාසන ඉතිහාසයේ කියැවෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya