නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ තීන්දුව අනුව කටයුතු කරනවා- උසස් අධ්‍යාපන ඇමැති

    පෙබරවාරි 08, 2017

    මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව අනුව රජය කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද (08) පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදී අමාත්‍යවරය මේ බව සඳහන් කළේය.

    රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී ප්‍ර‍තිඵල මත 40%ක් තෝරා ගන්නා අතර ඉතුරු 60%ක් දිස්ත්‍රික් අනුපාතය අනුව තෝරා ගන්නා බවත් එහිදී දිස්ත්‍රික් අනුපාතය අනුව තෝරා ගන්නා විට දුෂ්කර දිස්ත්‍රික්කවල සිසුන් අවම සමාර්ථ ලබා ගනිමින් වෛද්‍ය පීඨවලට ඇතුළත් වූ අවස්ථා තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කෙසේ වුවද ඉදිරියේදී තවත් වෛද්‍ය පීඨ දෙකක් ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya