සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යෝජිත පොලිස් විශ්වවිද්‍යාලයේ ඇමැතිගේ නිරීක්ෂණට

    පෙබරවාරි 08, 2017

    පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද කැබිනට් පත්‍රිකාව ළඟදීම අමාත්‍ය මණ්ඩලයට ඉරිරිපත් කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ යෝජිත විශ්වවිද්‍යාලය ඉරිකිරීමට නියමිත දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ අදාළ ඉඩමේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (07)  එක්වෙමිනි.

    පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට නව රජය තීරණයකර තිබෙන බවත් මෙම විශ්වවිද්‍යාලයේ අරමුණ වී ඇත්තේ පොලිස් සේවයේ සහ තවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනය හැදෑරීමට උනන්දුවක් දක්වන පුදගලයන්ට මෙන්ම විදේශ ශිෂ්‍යන්ටත් එම විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය හැදෑරීම අවස්ථාව ලබාදීම බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඊට අමතරව පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ගේ දරුවන්ටද මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහිද අවදානය යොමුකර ඇති බවද සඳහන් කළේය.

    හිටපු පොලිස්පති එම්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත් ළඟදීම මෙම විශ්වවිද්‍යාලය සඳහා අවශ්‍යවන නීතිමය අනුමැතිය ලබාගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේය. මෙම විශ්වවිද්‍යාලය, විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක් සමග අනුබද්ධ විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමට සැලසුම් කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එවිට පාඨමාලා හුවමාරු කරගැනීම වැනි අවස්ථා රැසකට මෙම නව විශ්වවිද්‍යාලයට යොමුවීමේ හැකියාවක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    මෙම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම් ජගත් විජේවීර, පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුලු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya