සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේරියා රෝගය පැතිරයාම වැළැක්වීමට මන්නාරම හා කච්චතිව් දුපත්වල විශේෂ වැඩසටහන්

    පෙබරවාරි 07, 2017

    මැලේරියා රෝගය පැතිරයාම වැළැක්වීමෙි අරමුණින් යාපනය කච්චතිව් දුපත් හී ලබන සතියහි ඇරඹෙන දේවස්ථාන මංගල්‍ය සදහා පැමිණෙන බැතිමතුන් ආරක්ෂා කර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එචි.ඩි.බී හේරත් මහතාට උපදෙස් ලබාදි ඇත.

    මන්නාරම පේසාලේ ප්‍රදේශයේ ලිඳකින් නව මැලේරියා මදුරුවෙකු සොයා ගැනීමත් සමග සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි පිළිබද සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී ඇත. කච්චතිව් දුපතේ පැවැත්වෙන උත්සවයට ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සහභාගි වෙති. එම නිසා රෝගය පැතිරයාමෙි අවධානමක් පවතින බැවින් අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.


    මෙි අතර මන්නාරම පේසාලේ ප්‍රදේශයෙන් හමු වූ නව මැලේරියා මදුරුවා විනාශ කිරිම සදහා අඛණ්ඩව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. මන්නාරම දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින (07) පෙරවරුවේ එම දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමෙි වැඩසටහනක් ද පැවැත්විනි.

    මෙහිදී රෝගය පැතිරයාම වැළැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද උපදෙස් ලබා දී ඇත.

    පේසාලේ ප්‍රදේශයෙන් මැලේරියා මදුරුවා වාර්තා වුව ද, මන්නාරම දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින් එවැනි මදුරුවන් මෙතෙක් සොයාගෙන නොමැත. 2017 වසරේ දී දිවයින පුරා ප්‍රදේශ කිහිපයකින් මැලේරියා රෝගීන් 09 දෙනෙකු සොයාගෙන ඇත.

    මැලේරියා යනු පරපෝෂිතයෙකු මගින් ඇතිවන මාරාන්තික විය හැකි රෝගයකි. මෙම පරපෝෂිතයා එක් පුද්ගලයෙකුගෙන් තව පුද්ගලයෙකුට ගෙනයන්නේ ද මදුරුවෙකු මගිනි. මන්නාරම පේසාලේ ප්‍රදේශයෙන් හමු වූ නව මැලේරියා මදුරුවා ඉන්දියාවෙි මුහුදු බඩ පළාත් වලින් වැඩි වශයෙන් වාර්තා වෙි. මෙම මදුරුවා සිමෙන්ති ටැංකි, ළිං, නිවාස ආශ්‍රීත වතුර රඳවන භාජන ආදියේ ද බෝවිය හැකිය. රෝගය පැතිරයාම වළක්වා ගැනීම සදහා මහජනතාවගේ ද සහාය අවශ්‍ය බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එචි.ඩි.බී හේරත් මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya