සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර නිවාස ගම්මාන ඉදිකිරීම් ආරම්භ වෙයි

    පෙබරවාරි 07, 2017

    සමස්ත ධීවර ජනතාවගේ නිවාස ගැටලුවට තිරසාර විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අවධාරණය කළේය .

    රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැය නොකර කොරීයානු රජයේ ආධාර මත ධීවර නිවාස ඉදිකිරීමේ වැඩපිළිවළෙ ආරම්භ කිරීමට තමන්ට හැකි වූ බවයි.

    අම්බලන්තොට බටඅත දකුණ ඉදිකෙරෙන ධීවර නිවාස ගම්මානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යරවයා මේ බව සඳහන් කළේය.

    කොරියාවේ ජාතික ධීවර සමුපකාර සම්මේලනයේ ආධාර මත නිවාස සියයකින් සමන්විත මෙම නිවාස ගම්මානය ඉදිකිරීමට නියමිතය .  නිවාස 25කින් සමන්විත එහි පළමු අධියරේ ඉදිකිරීම් පසුගිය 5 වැනි දා ආරම්භ කළේය . ළමා උද්‍යානයකින් හා ධීවර තාක්‍ෂණ විද්‍යාලයකින් මෙම ධීවර නිවාස ගම්මානය සන්විතය .මෙහි ඉදිකිරීම් හා යටිතල පහසුකම් සංවර්ධනය පිලිබදව ද මෙහිදී සොයා බැලුවේය.

    ජනතාවට සේවය කිරීමේදී බලය හෝ වරප්‍රසාද පසුපස තමා කිසි දිනෙක හබා නොගිය බවත් රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ දින සිට මේ දක්වාත් තම හැකියාවන් සහ සබදතා මත රටට හෝ ජනතාවට බරක් නොවී සියලු උපකාර ලබා ගනිමින් ධීවර ජනතාවටත් රටටත් සේවය කිරීමට තවදුරටත් කැපවන බවත් අමාත්‍යරවයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya