සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ඇමති අස්ගිර - මල්වතු නාහිමිවරුන් දැනුම්වත් කරයි

    පෙබරවාරි 07, 2017

    ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට සම්බන්ධ වූ 950කට ආසන්න විරුවන් දේශප්‍රේමින් බවට ඔසවා තැබීමේ ගැසට් පත්‍රය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්සන් කිරීමේ උත්සවය ශ්‍රී දළදා මාළිගාවේ මගුල් මඩුව පරිශ්‍රයේදී මාර්තු මස 01වනදා සිදුකිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් එහි ඉදිරිකටයුතු සංවිධානය පිළිබඳව පැවති මූලික වටයේ සාකච්ඡාවක් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පැවැත්විණ.

    දේශද්‍රෝහීන් ලෙස නම් කර සිටි තවත් ජාතික විරුවන් පිරිසක් දේශප්‍රේමීන් ලෙස නම් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සියලු කටයුතු යොදා තිබෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එම ගැසට් පත්‍රයට මාර්තු 01 වැනි දා අත්සන් තැබීම ඓතිහාසික මගුල් මඩුවදී සිදු කිරීමට නියමිත බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    මොණරවිල කැප්පෙටිපොළ විරුවා ඇතුළුව නිදහස් කැරැල්ලට දායකත්වය ලබා දුන් විරුවන් 19 දෙනෙකු මීට මාස දේශප්‍රේමීන් ලෙස නම් කිරීම පසුගියදා සිදු කෙරිණි. තවමත් දේශද්‍රෝහී ලැයිස්තුවේ සිටින 950 කට ආසන්න විරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන් ද දේශප්‍රේමීන් ලෙස නම් කිරීම සිදු වේ.

    ස්වාධීන ජනමාධ්‍ය කොමිසමක් ඇතිකිරීම සහ ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේ දේශද්‍රෝහීන් ලෙස නම් වූවන් දේශප්‍රේමීන් කිරීම වෙනුවෙන් මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් දැනුම්වත් කීරීම  අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් සිදු කරන ලදී. ඒ අනුව නාහිමිවරුන්ගේ අනුමැතිය සහ අනුශාසනා ලබා ගැනීම ද මෙහිදී සිදු විය.

    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නීතීඥ නිමල් බෝපගේ , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන යන මහත්වරයුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන් සඳහා එක්වූහ.

     

    kandy 1

     

    kandy 3

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya