සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන අමාත්‍යාංශයත් ජාතික ශරීර සුවතා ප්‍රවර්ධන සතියට එක් වෙයි

    පෙබරවාරි 07, 2017

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ජනතාව බෝ නොවන රෝගවලින් වළක්වා ගැනීමේ අරමුණින් ඊයේ (06) දින සිට 12 වෙනි දින දක්වා ජාතික ශරීර සුවතා ප්‍රවර්ධන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ දිනය සැමරීම වෙනුවෙන් ඊයේ අධ්‍යාපන අමාත්‍යාශයේ සියලුම සේවකයින්ගේ සහභාගිත්වයෙන් ව්‍යායාම මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

    බෝ නොවන රෝග ඇතිවීම කෙරෙහි නොගැළපෙන ආහාර රටාව හා ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වීම, දුම් පානය,මත්පැන් පානය, මානසික ආතතිය, ව්‍යායාම නොමැතිකම, සිරුරේ බර පාලනය නොකිරීම හා නොසැලකිල්ල බලපායි. එවැනි කරුණුවලින් මිඳීම මගින් බෝ නොවන රෝගවලින් වැළකී නිරෝගිව සිටීමට හැකියාව ලැබේ. එම නිසා සෑම විටම නිරෝගිකම රැකගැනීමට වයසට සරිලන උසක් සහ උසට සරිලන බරක් පවත්වා ගැනීමත් පෝෂ්‍යදායී ආහාර ගැනීම, ව්‍යායාම, ප්‍රමාණවත් නින්ද සහ විවේකය පවත්වා ගැනීම වැදගත් වේ. බෝ නොවන රෝග ලෙස අධිරුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව, පිළිකා හා මානසික රෝග හැඳින්විය හැකි අතර වර්තමානයේ මෙම රෝග ඉතා බහුලව දක්නට ලැබේ.

    වර්තමානයේ බෝ නොවන රෝගවලට පාසල් දරුවන් ලක්වීමේ ප්‍රවණතාවයක් ද හඳුනාගෙන ඇති අතර පාසල් දරුවන් ඉන් වළක්වාගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟ පෙන්වීම මත විශේෂ වැඩසටහන් රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාවට නංවමින් තිබෙන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    මීට අමතරව පාසල් මට්ටමින් ජාතික ශරීර සුවතා ප්‍රවර්ධන වැඩසටහනක් ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර සියලුම පාසල්වල ශරීර සුවතා වැඩසටහන් පැවැත්විම සඳහා උපදෙස් පත්‍රිකාවක් පාසල් වෙත යොමු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya