සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිකා රෝග පරීක්ෂණයකට ස්වීඩනයේ පර්යේෂණ කණ්ඩායමක්

    පෙබරවාරි 06, 2017

    ශ්‍රී ලංකාවේ පිළිකා රෝගය පැතිරයාමට බලපා ඇති හේතු පිළිබදව පර්යේෂණ කිරීමට ස්විඩනයේ පර්යේෂණ කණ්ඩායමක් සුදානම් වෙයි.

    මහාචාර්ය ඡෝන් මීවැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම පර්යේෂණ කණ්ඩායම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හමු වී මේ පිළිබදව සාකච්ඡා කරන ලදි.

    මහරගම අපේක්ෂා රෝහල සමඟ ඒකාබද්ධ වී එම පර්යේෂණ සිදු කරන අතර, මෙහි දී ලේ පිළිකා පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට නියමිතයි.

    පිළිකා රෝගීන් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන ප්‍රතිකාර සහ සහන සේවා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා එම පර්යේෂණ කණ්ඩායම දැනුවත් කරන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා ද එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya