සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ඇරඹේ - රාජ්‍ය සේවක නිවාස 02 කට මුල් ගල තැබීම ගාල්ලේ දී

    පෙබරවාරි 06, 2017

    ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් තවලම හා නියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව පරිශ්‍රයන්, වැකුණගොඩ රාජ්‍ය සේවක නිවාස 02 ක සහ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ නව තෙමහල් පරිපාලන පරිශ්‍රය සඳහා  මුල්ගල තැබීමේ උත්සව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 06) සිදු කිරීමට නියමිතය.

    ඒ අනුව රුපියල් ලක්ෂ 255 ක වියදමකින් යුතුව ඉදිකරන ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ නව තෙමහල් පරිපාලන පරිශ්‍රයට මුල් ගල තැබීම විද්‍යාලයේදී සිදු කිරීමට නියමිතය.

     

    රුපියල්  ලක්ෂ 120 ක වියදමකින් යුතුව ඉදි කරන වැකුණගොඩ රාජ්‍ය සේවක නිවාස 02 කට මුල් ගල තැබීමට නියමිත අතර  ලක්ෂ 470 ක වියදමකින් යුතුව ඉදි කරන තවලම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලට මුල් ගල තැබීම ප.ව. 1.00 ට සිදු කිරීමට නියමිතය. ලක්ෂ 480 ක වියදමකින් යුතුව ඉදි කරන නියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලට මුල් ගල තැබීම ප.ව. 2.30 ට එම කාර්යාල භූමියන්හීදී සිදු වේ.


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීමෙන් මෙම නව ගොඩනැගිලි ඉදිකිරිම සිදු වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya