සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෘද රෝගීන්ට ක්ෂණික ප්‍රතිකාර ලබාදීමට නව ඖෂධයක් ආනයනය කිරීමට පියවර

    පෙබරවාරි 05, 2017

    හෘදයාබාධයක් ඇති වුවහොත් ක්ෂණිකව ප්‍රතිකාර කර ඉන් රෝගියා ගලවා ගැනීම සදහා විදේශිය රටක නිෂ්පාදිත ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුව ඇත.


    හෘදයාබාදය ඇති වී පැය 03 ක කාලයක් ඇතුළත මෙම ඖෂධය ලබාදීමෙන් රෝගීයාගේ ජිවිතය බේරාගත හැකි බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.

     

    ඕනෑම රෝහලක හෝ ජංගම සායනයක දී මෙම ඖෂධය ලබාදීමෙි හැකියාව ඇත. දැනට එම ඖෂධයක් රුපියල් 120,000 කට අලෙවි වන අතර, ඊට වඩා අඩු මුදලකට ලංකාවට මෙම ඖෂධය ගෙනඒම සදහා සාකච්ඡා ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

     

    සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් සදහන් කරන ලද්දේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ සෞඛ්‍ය ඇමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

     

    හෘද රෝග සඳහා නොමිලේ ස්ටෙන්ස් ලබාදීමේ වැඩපිළීවෙල පිළිබඳව මෙහිදි දිර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි. එහිදී ස්ටෙන්ස් වෛද්‍ය සැපයුම අංශයෙන් ලබාදී නොමැති නම් දේශියව මිලදී ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරයාට මුල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ය.

     

     තවද රෝගීන් සදහා අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙලත් සාර්ථකව ක්‍රීයාත්මක කළ යුතු බව පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවයා ඖෂධවල හිඟයක් නොපවතින බවත්, නිදහස් සෞඛ්‍ය සේවාව අකුරටම ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවත් පැවැසීය.

    ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමිලේ ලබාදීමෙන් රෝගීන්ගේ පැමිණීම වැඩිවී ඇති බව සංගමයේ නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කරන ලදි.

    තව ද කොළඹ ජොතික රෝහලේ හෘද රෝග ඒකකය සංවර්ධනය කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. හෘද රෝග ඒකකය  සදහා ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් පහසුකම් නොලැඛෙන බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා පිළිබදව ද සාකච්ඡා කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඊට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දෙන ලදි.


    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ලාල් පනාපිටිය, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් සහ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya