සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් ලබා දුන් පොරොන්දු සාර්ථකව ඉටු කර දී තිබෙනවා

    පෙබරවාරි 05, 2017

    ශී‍්‍ර ලංකා ඉතිහාසයේ ජනාධීපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් පොරොන්දු ලබා දුන්නේ මෛතී‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති මාලාවේ තුළින් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමයි. එම ප‍්‍රතිපත්ති මාලාවේ විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් යෝජනා 3ක් ඉදිරිපත් කරන ලද අතර එයින් දෙකක්ම මේ වන විට ඉටු කර දීමේ හැකියාව ලැබීම සම්බන්ධව තමන් සතුටු වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.

    අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, පසුගිය තුන්වන දා ශ‍්‍රමික සුරැකුම ජංගම සේවය වැඩසටහන යටතේ තඹලගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

     

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

    මෛතී‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති මාලාවේ ”විගමණික පවුල් වල සුරක්ෂිතාවය, විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක්, විගමණික ශ‍්‍රමිකයින්ගේ අනේවාසික ගිණුම් වලට සියයට 2.5%ක  පොළියක් එකතු කිරීම යන යෝජනා ඇතුළත් වුණා.

     

    මෙයින් විගමණික පවුල් වල සුරක්ෂිතතාවය වෙනුවෙන් 2016 වසරේ ජනවාරි 8 වන දින අතිගරු ජනාධිපතිතුමන්ගේ ප‍්‍රථම පදිවි ප‍්‍රාප්තිය මුල් කර ගනිමින් ශ‍්‍රමික සුරැකුම වැඩසටහන
    කි‍්‍රයාත්මක  කළ බවත් ඒ හරහා මේ වන විට විගමණික පවුල් වල සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්ට එම වගකීම පවරා ඇති බවත් විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් ලබා දීමට පොරොන්දු වූ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය මේ වසර ඇතුළත ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරිය සඳහන්න් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya