සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතියෝපියානු විදේශ කටයුතු ඇමැති හමුවෙයි- දිවිපාර්ශවික සාකච්ඡා පවත්වයි

    පෙබරවාරි 05, 2017

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ඉතියෝපියානු නිල සංචාරය අතරතුරදී ඉතියෝපියානු විදේශ කටයුතු අමාත්‍ය,ආචාර්ය වර්ක්නෙ ගෙබ්යෙහු මහතා සමඟ පසුගිය දා අඩිස් අබාබා හි දී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    විදේශ අමාත්‍ය, ආචාර්ය වර්ක්නෙ ගෙබ්යෙහු  මැතිතුමා ශ්‍රී ලංකාව හා ඉතියෝපියාව සමාන දරුණු සිවිල් යුධමය වාතාවරණයක් පැවති රටවල් වන බැවින් මෙම රටවල් දෙක අතර ශක්තිමත් ද්වි පාර්ශවික සබඳතා පැවැත්වීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර සමුළුවලදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කරන ලදී.

    අඩිස් අබාබා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ආරම්භ කිරීමෙන් වෙළඳ, ආයෝජන හා සංචාරක කටයුතුවල වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව, අමාත්‍ය සමරවීර මැතිතුමා ප්‍රකාශ කළේය.  ඉතියෝපියානු කර්මාන්තවල කටයුතු කිරීම සඳහා පුහුණු හා අර්ධ පුහුණු  වෘත්තිකයන් සැපයීමට ශ්‍රී ලංකාවට පිළිවන් බවද, ඒ මහතා පැවසීය. අනාගතයේ දී ද්විපාර්ශ්වික සහයෝගිතාව ඇති කර ගැනීම සඳහා ඇති ක්ෂේත්‍ර වශයෙන් කෘෂි කර්මාන්තය, කෘෂි නිශ්පාදන කටයුතු, ඇඟලුම් කර්මාන්තය හා සන්නිවේදනය හුවා දක්වන ලදී.

    විදේශ කටයුතු අමාත්‍යවරුන් දෙදෙනා අතර රාජ්‍ය තාන්ත්‍රික උපදේශකත්වය පිළිබඳ අවබෝධතා ගිවිසුමටද, ද්වීපාර්ශ්වික වෙළඳාම හා ආර්ථික සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ හැකියාවන් තවදුරටත් සොයා බැලීමේ ඒකාබද්ධ සහයෝගිතා කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම පිළිබඳ ගිවිසුමටද විදේශ කටයුතු, අමාත්‍යවරුන් විසින් අත්සන් කරන ලදි,

    ශ්‍රී ලංකාවෙහි සංචාරයක නියැලෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය සමරවීර මහතා විසින් විදේශ අමාත්‍ය ආචාර්ය වර්ක්නෙ ගෙබ්යාහු මහතාවෙත පිරිනමන ලද ඇරයුම උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya