සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලාදුරු රෝගීන් 2000ක් - ලාදුරු මර්දන ව්‍යාපාරය

    පෙබරවාරි 05, 2017

    සෑම වසරකම ලාදුරු රෝගීන් 2000ක් ශ්‍රී ලංකාවෙන් පසුගිය දස වසර පුරා වාර්තා වන බවත් වසර 2016 වැඩිම ලාදුරු රෝගීන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

    වසර 2016 තුළ ලාදුරු රෝගීන් 1853ක් වාර්තා වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන ලාදුරු රෝගීන් සංඛ්‍යාව 279කි. අවුරුදු 15 ට අඩු ළමා රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 9-10%ත් වන අතර මෙය හඳුනා නොගත් ලාදුරු රෝගීන් තවත් පුද්ගලයන්ට සක්‍රීය ලෙස බෝ වීම පිළිබිඹු කරන බවද ලාදුරු මර්දන ව්‍යාපාරයේ වෛද්‍යවරු සඳහන් කරයි.

     

    ළමා ලාදුරු රෝගීන් කොළඹ, ගම්පහ, සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් වාර්තා වෙයි.ඒ අනුව මේ වනවිට ළමා ලාදුරු රෝගීන් 150ක් පමණ සිටින බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය සුපුන් විජේසිංහ මහතා පවසයි.බස්නාහිර පළාතෙන් වසර 2016 දී සියයට 42%ක් රෝගීන් වාර්තා වී තිබේ. දකුණු පළාතෙන් සියයට 15%කි. රෝගීන් ප්‍රමාණය ගත්විට කොළඹ දිස්ත්‍රික්කයෙන් 279ක් වාර්තා වී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයෙන් 113ක් වාර්තා වී ඇත.මේ වනවිට ලාදුරු මර්දන ව්‍යාපාරය විශේෂ සායන ක්‍රියාත්මක කරමින් චර්ම රෝග  හඳුනාගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙන බවද වෛද්‍ය සුපුන් විජේසිංහ මහතා පවසයි.

    වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ, පසුගියදා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya