ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 69වන නිදහස් දිනය අනුස්මරණය කෙරෙන මේ අභිමානවත් හෝරාවේ ඒ වෙනුවෙන් සුභාශිංසන සටහනක් ලබාදෙනුයේ ආගමික හා ජාතික ප්‍රබෝධය පසුබිම් කර ගත් දැඩි සොම්නස් සිතිනි.
නිදහස යනු හුදෙක්ම ප්‍රායෝගික ක්‍රියාදාමයකි. ලැබුණ දේශපාලන නිදහස වඩාත් පූර්ණ හා අර්ථවත් වනුයේ ආර්ථික වශයෙන් ද සාමාජික වශයෙන් ද අප නිදහස් වූ දිනයකය. අපට සමකාලීන ව හා පසු කාලීනව නිදහස ලබාගත් ඇතැම් රටවල් අද ඉතා ඉහළ අඩියකට පත්ව ඇත්තේ ලැබූ නිදහස ප්‍රායෝගික කරණය කිරීමෙන් එම රටවල් විසින් ලබාගෙන ඇති ආර්ථික හා සමාජික නිදහස නිසාය. ශ්‍රී ලංකාවේ නිදහස වඩාත් නිවැරදිව ප්‍රායෝගික කරණය නොවී ඇත්තේ අපේ නිදහස ලබා ගත් එකක් නොවී ලැබූ නිදහසක් වූ නිසා බව සමාජ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ගිහිපැවිදි උතුමන් විසින් ජාති ආගම් හා කුල භේදයකින් තොරව නිදහස් අරගලය දියත් කිරීමට අවශ්‍ය උණුසුම් පරිසරයක් ලංකාව තුළ නිර්මාණය කළහ. මෙම ක්‍රියාකාරීන්ගේ විවිධ මට්ටමේ කේවල් කිරීම් හා රටතුළ පැවති උණුසුම් වාතාවරණය යටතේ සුදුපාලකයින්ට මේ ගැන නිහඩව සිටීමට නොහැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව නිදහස් රටක් ලෙස ඉංග්‍රීසීන් විසින් නම් කළත් ලාංකිකයින් බෙදී වෙන්වූ ජාතියක් වශයෙන් දිගින් දිගටම තබා ගැනීම ඔවුන්ගේ යටි අරමුණ විය.
බහුලව ලාංකික සමාජය තුළ මුල් බැසගෙන ඇති මානසික වහල්භාවය හා ජාතිවාදී සංකල්ප ජනසමාජයට පිළිලයකි. මානසික වහල් භාවයෙන් නිදහස් වන තුරු බටහිරට ගැති ගතානුගතිකත්වයෙන් අපට මිදිය නොහැක. කෙසේ වෙතත් අපේ නිදහස් අරගලයේ පෙරමුණ ගෙන ක්‍රියා කළ සියලු ම ගිහි පැවිදි උතුමන් මේ අවස්ථාවේදී කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කිරීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුකමක් විය යුතුය.
ජාතික හා ආගමික සංහිදියාව තුළ පටු දේශපානයෙන් බැහැරව තමාගෙන් තමාටත්, සිය පවුලටත්, සිය ආගමටත්, රටට ජාතියට විය යුතු යුතුකම් සමුදාය හිතට එකඟව ඉෂ්ඨ සිද්ධ කරදීමට සැමට ප්‍රත්‍යක්ෂ වේවායි මේ නිදහස් දිනයේදී කරුණාධ්‍යාසෙයන් යුක්තව ප්‍රකාශ කර සිටුම්හ.