සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා අමරපුර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර ස්වාමීන් වහන්සේගේ නිදහස් දින පණිවුඩය

    පෙබරවාරි 04, 2017

    විජය රජුගේ ආගමනයේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා වසර 2358ක පමණ කාලයක් දක්වා එකසිය දෙඅසුවක (182) රාජාවලියකින් හෙබි ශ්‍රී ලාංකික රාජ්‍ය පාලනයක් පිළිබඳ ලිඛිත ඉතාහිසයක් ඇති සමෘද්ධිමත් රටක් අපට තිබී ඇත. එකී කාලය තුළ ද වරින් වර සතුරු උවදුරු තිබී ඇති මුත් ඒවා මැඩලමින් පාලනය ඉදිරියට ගෙන යාමට ආගමික නායකත්වයද ඔවුනට උදව් කර ඇත.

    භාවිත වර්ෂ 1815 මාර්තු දෙවැනි දා සම්පූර්ණයෙන් ඉංග්‍රීසි අධිරාජ්‍යයන්ට අප යටත් වූයේ ද ඒ වන විට මුල් පෙලේ සිටි සිංහලයන්ගේ පලිගැනීම් - බලයට - ධනයට හා තනතුරුවලට ඇති කෑදරකමින් යුත් අසමගිය නිසා ම බව ලංකා ඉතිහාසය සාක්ෂි දරයි. අහස් ජලය රැකගැනීමට වැව් 35000කට අධක ප්‍රමාණයක් සාදමින් මොනරාගල වැනි එක් පළාතම පමණක් වෙල් ලක්ෂයක් (වෙල්ලස්ස) පමණ තිබූ බවට ද කියැවෙන අපේ රටේ අය අපේ ම ආර්ථික අස්වැන්නෙන් එදා යැපී ඇත. දසමහා යෝධ වැනි පුරුෂ පිරිසක් සිටි බවට ද කියැවෙන මේ රට මෙයට 69වසරකට පෙර ඉංග්‍රීසි අධිරාජ්‍යයෙන් මුදවා ගත්තේද කයෙන් යොධයන් නොවූවත් ජාතිකානුරාගයෙන් හා දේශාභිමානයෙන් යෝධයන් වූ පිරිස් බව අප සිහිපත් කරගත යුතු වෙමු. 1815දී ඉංග්‍රීසීන් ජනයාට කෘර වධදෙමින් රටේ පාලනය උඳුරාගන්නා මුත් දෑඅවුරුද්දකින් සංවිධානය වූ වීර නායකයෝ 1818 වැනි තුන් අවුරුදු කාලයකදී ඌව වෙල්ලස්ස වැනි කැරලි නැවත ඇතිකිරීමට තරම් එඩිකර වී ඇත. මෙවන් ඉතිහාසයක් අපට තිබී ඇත.

    අපි දැන් මේ සමරන්නේ 69වන නිදහස් සංවත්සරයයි. මේ පිළිබඳ ව ආපසු හැරී බැලීමේදී අපත් සමග නිදහස ලැබූ සමකාලීන ආසියාතික රටවල් හා සසඳා බැලුවහොත් මේ කාලය තුළ අපේ රට කවරෙකු පාලනය කළත් එවන් රටවල ආර්ථික හා සාමාජික දියුණුවට වඩා අද අප සිටින්නේ බොහෝ පසුපසින් බව පිළිගත යුතුව ඇත. එහෙයින් මේ තත්ත්වය පිළිබඳ පාලිත පාලක ප්‍රභූන් හා මහජනයා එක්ව මෙත් කරුණා සිතින් මෘදු වචන භාවිත කොට උපේක්ඛා සහගතව එක් මේසයකට එක්ව විවෘත සංවාද පවත්වා වාද භේද මගහරවා ගෙන එක්සත් සංවර්ධිත රටක් ගොඩනගා ගැනීමට මේ සංවත්සරය හේතු වේවායි මහා සංඝරත්නය වෙනුවෙන් මම ආශිර්වාද කරමි.

    ලොව සියලු සත්වයන්ටම තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් යහපතක් ම වේවා!!

    දවුල්දෙණ ඤානීස්සර ස්ථවිර
    ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya