සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතිගරු ඩිලෝරාජ් කනගසබේ කොළඹ රදගුරුහිමිතුමාගේ නිදහස් දින පණිවුඩය

    පෙබරවාරි 04, 2017

    අපගේ 69වන නිදහස් දිනය සමරන මෙම අවස්ථෘවේ දී කිතුනු ශාසනයේ ලංකා සභාව, ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රජාවන් හා ආගමිකයින් සමඟ අපගේ දේශයට ඉතා ප්‍රිතිජනක යහපත් අනාගතයක් සඳහා සුභපැතුම් ගෙන ඒමට එකතු වන්නෙමු.

    1948 වසරේ පටන් දේශයක් ලෙස සැලකිය යුතු දුරක් අප ගමන් කර ඇත්තෙමු. මෙහිදී සෞඛ්‍ය, ප්‍රාථමික හා ද්වීතික අධ්‍යාපනය සඳහා වන ප්‍ර වේශයන්, ජීවිත අභිමතාර්ථයන්, සමානාත්මතාවයෙන් යුතු අවස්ථාවන් සහ දුප්පත්කම තුරන් කිරීම යන බොහෝ ක්ෂේත්‍ර උදාහරණයක් ලෙස ගතහොත් ප්‍රගතියක් ලබා තිබේ. එමෙන් ම ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනය, ආදායම් තත්ත්වයන්වල විෂමතා කෙරෙහි අවධානය, උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල අපගේ උත්සාහයන්වල ප්‍රගතියේ යම් පසු බැස්මක් තිබුණත් සෑහීමකට පත් වියහැකි ප්‍රතිඵල අප ලබා තිබෙන බව කිව යුතුය.

    අද අප රට මුහුණ දෙන සාදාචාරාත්මක අර්බුදයට හේතු පාදක වී ඇත්තේ මෙම ඉහත කරුණුවලින් අපට ඇති වූ වැරදිම් මෙන් ම කළකිරීම් බව පෙනේ.

    අවිනීතබව, අවංක නොවීම, දූෂණයට, බලයට ඇති කෑදරකම, පහසුවෙන් තනතුරු ගෙන පොහොසත්වීම, නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම, විශ්වාසනීයත්වය පළුදු වීම, විවිධ ජනවර්ග අතරේ ඇති වෛරවාදී ආකල්ප මෙන් ම හිතාමතා උළුප්පා දක්වන වාර්ගික හා ආගමික ද්වේශය යනාදිය දේශය තුළින් ම මතු වී ක්‍රමානුකූල අවධානමකට ලක් වී ආගාධයකට වැටීමේ පසුබෑම් හෝ පාපයන් වී ඇත.

    සෞභාග්‍ය හා සමාදානය සඳහා හුදෙක් යාච්ඤාවම හෝ ප්‍රාර්ථනයම කිරීමෙන් ඵලක් නැත. එහෙත් සැබැවින්ම අප මත පාරිශුද්ධ වූ වගකීමක් පැවරී ඇත. පාලකයන් පළමුකොට පරමාදර්ශීව මෙන් ම එලෙසින්ම අපගේ සියලු ම පුරවැසියන් අවංක හා යටහත් ව කැපවීමෙන් වැඩකිරීමෙන් අප සැමදෙනාගේ මව්බිම ලෙස අප දේශයේ මහත් සාඩම්බරව ජීවත්වීමට සුදුසු රටක් ලෙස නිර්මාණය කිරීම කළ හැකිය. ශ්‍රී ලංකාවට මහත් සේ ආදරය කළ මහනුවර ත්‍රිත්ව විදුහලේ සේවය කළ ගෞරවනීය ඩබ්ලිව්. එස්. සීනියර් පියතුමන් ලියූ වදන් පෙළත් මෙසෙ දක්වමි.

    එනමුදු ලක් දෙරණ ගැන කිවි වදන් නගන විට
    මතු උදාවන දින දින දීප්තිය නැංවේ
    ජාතීන් සැම එකිනෙදා හා බැඳී
    විරෝධී හඬ නිසල වූ කළ
    එක් හොරණෑ නදකට පියමං කරනා විට
    එක් බෙර රිද්මයකව පෙර ගමනේ යෙදෙන්නෙමු.

    මෙම දැක්ම තුළ පවතින්නට මෙම නිදහස් දින අප හැමදෙන අදිටන් කර ගනිමු.

    අතිගරු ඩිලෝරාජ් කනගසබේ
    කොළඹ රදගුරුහිමි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya