සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ සුභාශිංසන පණිවුඩය

    පෙබරවාරි 04, 2017

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී රජනරජයේ 69වැනි නිදහස් දිනය සමරන මේ මොහොතේ ජනතාවක් ලෙස අප ආ ගමන් මග ගැන ආපසු හැරී බලා අගේ අනාගතය යහපත් කර ගැනීම සඳහා මෙනෙහි කිරීමක යෙදෙන්නට අනගි අවස්ථාවක් උදා වී ඇත.

    පුරා වසර 69ක් තිස්සේ රටක් ලෙස අප විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ලබාගත් දේශපාලනික නිදහස ආර්ථික මෙන් ම සාමාජීය නිදහස් ලෙසට ද පරිවර්තනය කර ගැනීමේ වගකීම 1948 සිට අප සතුව තිබුණි. එහෙත් අවාසනාවකට මෙන් පටු භේද හා ජාතිවාදී මෙන් ම ආගම්වාදී හැඟීම්වලින් දේශපාලන ක්ෂේත්‍රය ඉතා අපිරිසිදුවීම නිසා අප භේදබින්න වී ජීවිත සහ දේපළ ගිනිය නොහැකි තරමින් විනාශ වුණු යුද්ධයක පැටලුනෙමු. ඒ තුළින් අපි සියල්ලෝම පීඩා වින්දෙමු.

     

    පටු ජාතිවාදය හා වර්ගවාදය තුළ සිරවී සිටීම සැබෑ නිදහස අත්දැකීමේ මාර්ගය නොවේ. සැබෑ නිදහස අත්කර ගැනීම සඳහා සියල්ලන්ටම සම අයිතිවාසිකම් ඇති පුරවැසියන් ලෙස එකමුතු විය යුතු වෙමු. විවිධත්වය තුළ ඒකීයත්වය මෙන් ම සියලු පුරවැසියන්ගේ අවශ්‍යතා හා ආත්මගරුත්වය රැකීමේ පිළීවෙතක් වෙතට අපි ගමන් කළ යුතු වෙමු. අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය ඒ සඳහා සියලු ම දේශපාලන පක්ෂ හා මතිමතාන්තර ද එකතු කර ගැනීමේ අවශ්‍යතාවයක් අද නැත. බෙදී සිට ඒ ජයග්‍රහණය ළඟා කරගත නොහැකිය.

     

    එලෙස අපට උරුම ආගමික හා සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කර නව යටත්විජිතවාදී හා ගෝලීයකරන සංකල්පවලින් නිදහස් වී මේ රටේම සංස්කෘතිය හා සභ්‍යත්වය ආරක්ෂාවන පරිදි සැබෑ නිදහස සොයා යාම අපගේ යුතුකමකි. ඒ සඳහා මේ උතුම් දවසේ දී අපි ප්‍රතිඥා දෙමු. කැපවෙමු. ශ්‍රී ලංකා මාතාව දිනේවා!

    අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
    කොළඹ අගරදගුරුතුමා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya