සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ අයිතිය බලාත්මකවීම ජනතා ජයග්‍රහණයක්

    පෙබරවාරි 04, 2017

    නිදහස් තොරතුරු දැනගැනීමට ඇති මානව අයිතිය මෙරට තුළ නීත්‍යානුකූලව බලාත්මකවීම 69වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනතාව ලැබූ සුවිශේෂි ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා 69වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    දීර්ඝ කාලයක් තිස්සේ විවිධ රජයන්ගෙන් අපේක්ෂා කළ තොරතුරු දැනගැනීමේ විශ්වීය අයිතිය යහපාලන රජය වෙතින් ලක් ජනතාවට උදා කර දී තිබේ.

    සෑම පුද්ගලයෙකුටම අඳහස් දැරීමට හෝ අඳහස් ප්‍රකාශ කිරීමට නිදහස හිමි විය යුත්තේය. මෙම අයිතිය කිසිවෙකුගේ බාධාවකින් තොරව අඳහස් දැරීමට, අඳහස් ලබාගැනීමට සහ තොරතුරු හුවමාරු කරගැනීමට ඇති නිදහස ද අයත් වන්නේය යන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය අනුව එම උත්තරීතර අයිතිය ජනතාවට ලබාදීමට වත්මන් රජය වෙතින් පියවර ගෙන ඇත. ඊට අදාළ ඓතිහාසික පනත ඉදිරිපත් කිරීමේ සතුට ලක්වැසි ජනතාව සමඟ මෙම නොමදව අත්විඳිමි.

    නිදහස ආත්මීය වුවමනාවකි. මනුෂ්‍යයා පමණක් නොව සතා සිව්පාවාද නිදහසට ප්‍රිය කරති. නිදහස සීමාවන විට, නිදහසට බාධා පැමිණිවිට ඔවුන් කලබලකාරීවීම ස්වභාවිකය. එබැවින් රටක සමාජයක ප්‍රමුඛ ප්‍රගමන කාරකය පුද්ගල නිදහසයි.

    නිදහස වෙනුවෙන් සටන් කරන, නිදහස වෙනුවෙන් දිවි පූජා කිරීමට වුවද සූදානම් වන විරුවන් කිසි කළෙක ලක් මවට හිඟ නොවූයේ ශ්‍රී ලාංකික ජනතාව සෑම අතින්ම නිදහස අගයන ජාතියක් වීම නිසාය.

    නිදහසේ සංවාද කිරීමටත්, අඳහස් ප්‍රකාශ කිරීම සහ තොරතුරු දැනගැනීමටත් ඇති නිදහස මානව වර්ගයාගේ ගරුත්වය සහ ආත්මාභිමානය පවත්වාගෙන යාමේ අත්‍යාවශ්‍ය සාධකයකි. එය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ආරක්ෂෘ කළ යුතු අයිතියකි.

    මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූ, සටන් කළ සියලු දේශප්‍රේමීන්ට ජාතියේ ප්‍රණාමය පුද කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya