සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයාගේ පණිවුඩය

    පෙබරවාරි 04, 2017

    "නිදහසේ 69 වන අභිමානණීය සංවත්සරය සමරණ මොහොතේ එකී අභිමානණීය නිදහස ජාතියට දිනාදීමට ස්වකීය ජීවිත , ලේ දහදිය හෙලූ උදාරතර ලාංකීය විරුවන් සියල්ලන්ට පළමුකොට ජාතියේ ගෞරවය පුදකරණු කැමැත්තෙමි.සියවස් ගනනක් මුළුල්ලේ යටත්විජිතවාදයේ පීඩාවෙන් මිදී නිවහල් ස්වෛරී රටක් ගොඩනැගීම අරඹයා ලාංකීය ජාතියක් ලෙස එකාවන්ව කල  ඒ යුගකාරක මෙහෙවර මෙවන් මොහොතක යලි යලි සිහිකල යුතුව ඇත.

    නිදහස දිනා ගන්නා මොහොතේ අප සතුවූ එකී එකමුතුභාවය තවදුරටත් අප ජාතීන් අතර පවතීද යන්න අප අපගෙන් විමසිය යුතුවේ.බටහිර අධිරාජ්‍යවාදයෙන් අත්මිදී වසර 69 ක් ගතවුවද තවමත් රටක් ලෙස ජාතියක් ලෙස විසඳුම් සොයාගත යුතු ප්‍රශ්න ගනනාවක් අපට ඉතිරිව පවතී.ඒ අතර දිළිඳුකම ප්‍රධාන කරුණක් ලෙස මතුව පවතී. අනෙක් අතට ජාතීන් අතර විශ්වාසය ගොඩනැගීම , තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කරගැනීම මෙන්ම ජාතින් අතර සංහිදියාව ගොඩනැන්වීම ආදී විවිධ කරුණු අප අභිමුවේ පවතී.මේ සියළු අභියෝග හමුවේ වුවද රටක් ලෙස සතුටු විය හැකි කරුණුද පවතී.ඒ අතර අදවන විට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ස්වකීය දේශපාලනික එදිරිවාදීකම්  අමතක කොට එකම මතයක හිඳිමින් රටේ අභිවෘද්ධීය වෙනුවෙන් එක්ව වැඩකිරීමේ ආදර්ශය ලබා දීම වටිනා කාර්යයකි.යහපාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ස්ථාපිත වර්තමාන රජය රට හමුවේ ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වූ දිළිඳුකම තුරන්කිරීම උදෙසා විශේෂ අවධානය යොමුකරමින් මෙම වසර දිළිඳුකම පිටුදැකීමේ වසර ලෙස ප්‍රකාශයට පත්කොට ඇත.එය දැවෙන ප්‍රශ්න ගනනාවකට විසඳුම් ලබාදීමට සමත් වනු ඇත. අනෙක් අතට ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය , අදහස් පල කිරීමේ අයිතිය ආදී ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ගනනාවක් කෙටි කලක් තුල දිනාදීමට හැකිවීමද සතුට දනවන කරුණකි.

     

    එල්ල වන්නාවූ ඕනෑම අභියෝගයකට ප්‍රතිඅභියෝගයක් එල්ල කල හැකි වන්නේ සමගිව රැස්ව සමගිව සම්මුතියකට ඒම තුල විනා විරසකවීම තුල නොවේ. මේ යථාර්තය රටක් ලෙස වහා අප විසින් තේරුම්ගත යුතුව ඇත.දේශපාලනයේ ඉහළින් ලබා දී ඇති මේ උත්තරීතර ආදර්ශය ගම් නියම්ගම් සිසාරා ගලා යායුතුව ඇත. නිදහස දිනා ගැනීමේ පරම පූජනීය පරමාර්ථයන් ලඟා කර ගතහැකි වන්නේ එවන් එකමුතුභාවයක් තුලම පමනි.රටක් ලෙස ගත්විට අප පටු හැඟුම් මුල් කොට කටයුතු කලහොත් අත්කරගත හැක්කේ විනාශය පමනකි.එහෙත් බෙදීම වෙනුවට ජාතියක් ලෙස බැඳීම ශක්තිමත් කර ගතහොත් රටක් ලෙස අපට අභිමානයෙන් නැගී සිටිය හැක. 69 වන නිදහස සමරණ ‍ඓතිහාසික මොහොතේ ස්වකීය ජාතියේ ගෞරවය ආරක්ෂා කරමින් අන්‍ය ජාතීන්ට ගරුකරමින් ශ්‍රී ලාංකීය හැඟීමෙන් බැදෙන්නටත් ඒ මහරු බැම්මෙන් බැඳී රට ගොඩ නඟන්නටත් සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියට දිරිය ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.


    ආර්.එම් රංජිත් මද්දුමබණ්ඩාර
    රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya