සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාම ක‍්‍රිෂ්ණා සභාවෙන් නිදහස් දින පණිවුඩයක්

    පෙබරවාරි 04, 2017

    "අප සියලු දෙනා දන්නා පරිදි සියපු ශ‍්‍රී ලාංකික පුරවැසියන් හට ඉතා සුබ මෙහොතක් වන 69 වන නිදහස් දිනය අපි සමරමු. ඒ, වසර සිය ගණනක් තිස්සේ අප ගේ ශ්‍රේෂ්ඨ විරුවන් විසින් දියත් කරන ලද නිදහස් සටන්වලින් අනතුරු ව ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ දිනය යි.

    අප හට ලස්සණ, සාමකාමී හා ප‍්‍රීතිමත් ජීවිතයක් ලබාදීම සඳහා සිය දිවි කැප කළ නිදහස් සටනේ විරුවන් ස්මරණය කිරීමට අප හට අවස්ථාවක් ලබාදෙන බැවින් එය වැදගත් දිනයක් වෙයි. නිදහස වගකීමෙන් වෙන් කළ නොහැකි ය.

     

    ශ‍්‍රී ලංකාවේ සැම පුරවැසියකු ම අද දින අනාගත ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් වශයෙන් වඩා වගකීම් සහගත වීමටත් හොඳින් දැනුම්වත් පුරවැසියන් වීමටත් නැවැතත් කැපවීම හා දිවුරුම් දීම සිදු කළ යුතු ය. දේශයේ අරමුණු ඉටු කරදීමටත්, මේ ප‍්‍රජාතාන්ත‍්‍රික දේශය සාර්ථක ව ඉදිරියට ගෙනයාමටත් සියලු දෙනා තම යුතුකම විශ්වාසී ව ඉටු කළ යුතු අතර වෙහෙස වී කටයුතු කළ යුතු ය.

     

    ශ‍්‍රී ලංකාවේ නැඟීම එහි ආගමික හා සංස්කෘතික අගයන් මඟින් මැනෙනු ඇති නමුත් ඊට සමගාමී ව එය ආර්ථික වර්ධනයෙන් ද දේශයේ සම්පත් සාධාරණ ලෙස බෙදීයාම මඟින් ද නිර්ණය කෙරෙනු ඇත.

     

    අපට නිදහස් ව සිතීමේ අයිතිය ඇති නම් සියලූ දෙනා ගේ වගකීම වන්නේ ධනාත්මක ලෙස සිතීම යි. අපට කතා කිරීමේ නිදහස ඇති නම් අප ගේ වගකීම වන්නේ නිසි පරිදි හා අරුත්බර ලෙස කතා කිරීම යි. අපට නිදහසේ කටයුතු කිරීමට හැකි නම් අප ගේ වගකීම වන්නේ නිවැරැුදි ව කටයුතු කිරීම යි. මෙ ලෙසින් සියලු ශ‍්‍රී ලාංකිකයන් හට වගකීම් සහගත විය හැකි නම් ශ‍්‍රී ලංකාව වඩ වඩාත් නිවැරැදි දිශාව වෙත වර්ධනය වනු ඇති අතර එය සියල්ලනට ම වඩා හොඳ ස්ථානයක් වනු ඇත.

    මේ ප‍්‍රීතිමත් අවස්ථාවේ දී අතිගරු ජනාධිපති මෛතිපාල සිරිසේන, ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හා ඔවුන් ගේ අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා සකල ශ‍්‍රී ලංකාවාසීන් වෙත සාමයෙන්, සෞභාග්‍යයෙන් හා සතුටින් දිවි ගෙවීම සඳහා සිය ආශීර්වාද වර්ෂා වස්වන මෙන් මම සමිඳාණන් යාච්ඤා කරමි"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya