සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලාදුරු රෝගය සමාජයෙන් තුරන් කළ යුතුයි - සෑම ගුරුවරයකුටම ලාදුරු රෝගය හඳුනාගැනීමේ කුසළතාවය ලබාදීම වැදගත්

    පෙබරවාරි 03, 2017

    සෑම ගුරුවරයකුටම ලාදුරු රෝගය හඳුනාගැනීමේ  කුසළතාවක්, නිපුණතාවක් ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවත් විද්වත් සමාජය විසින් මේ පිළිබඳව ගුරුවරු දැනුවත් කළ යුතු බවත් දරුවන් කුඩා කලයේ සිටම මෙවැනි මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව දැන සිටීම වැදගත් බවත් එම දනුවත් කිරීම ගුරුවරුන්ට කළ හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජේ.එම්.ඩබ්ලිව්. ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ, අද (03) කොළඹ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

    වසර ''2020'' දී ලාදුරු රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක්- රෝගයට ඇති අනියත බිය සහ කොන් කිරීම නවතමු'' මැයෙන් මාධ්‍ය සම්මන්ත්‍රණය පැවැත්විණි.

     

    එහිදී තවදුරටත් අඳහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා;


    ලාදුරු රෝගය කියන සංකල්පය මනව ඉතිහාසයේ ඈතට ගිය කාරණයක්.ලාදුරු රෝගය පිළිබඳ සමාජ භීතිකාව ඉතිහාසයේ තිබුණා. එහෙත් 1989 වනවිට ලාදුරු රෝගය සාමාන්‍ය රෝගයක් බවට පත් වුණා.අද වනවිට ලදුරු රෝගීන් වසරකට දෙදහසක් පමණ වාර්තා වෙනවා. ලාදුරු රෝගය ව්‍යාප්තිය අඩු වී තිබෙනවා කියලා සිතන්නට අමරුයි.

     

    අධ්‍යාපන ක්‍රමය තුළට,ලාදුරු රෝගය හඳුනාගැනීමේ වැඩපිළිවෙල, සරල සෞඛ්‍ය පිළිබඳව අවබෝධය ලබාදීමට හැකි නම් දරුවන් ප්‍රජා රෝග පිළිබඳව දනුවත් කිරීමට හැකි නම්  ඒ සඳහා ගුරුවරුන්ගේ දායකත්වය ඉතා වැදගත්.

    ලාදුරු රෝගය ව්‍යාප්ත වීම පාලනය කළ හැක්කේ මහජනතාව දැනුවත් කිරීමෙනුයි.මේ පිළිබඳව අවධානයෙන් සිටිනවා. ජනතාවට සුරක්ෂිත සමාජයක් ඇති කළ යුතුයි. ලාදුරු රෝගය සමාජයෙන් තුරන්  කළ යුතුයි. අපේ සැලැස්ම, 2020 වනවිට ලාදුරු රෝගය ව්‍යාප්තිය වැලැක්වීමට කටයුතු කිරීම යැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

    පසුගිය අවුරුදු 10 තුළ සෑම වසරකම ලදුරු රෝගීන් 2000ක් පමණ හමු වී තිබෙන අතර 2016 වසරේ ලාදුරු රෝගීන් 1853ක් හමුවී ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya