සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලාදුරු මර්දන ව්‍යාපාරයේ යෙදී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ටැබ් යන්ත්‍ර පිරිනැමේ

    පෙබරවාරි 03, 2017

    ලාදුරු මර්දන ව්‍යාපාරයට සම්බන්ධව රාජකාරි කටයුතුවල යෙදී සිටින දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම අද (03) සිදුවිය.

    කොළඹ, පිහිටි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජේ.එම්.ඩබ්ලිව්.ජයසුන්දර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ටැබ් යන්ත්‍ර පරිත්‍යාග කිරීම සිදු විය.

     

    ලාදුරු මර්දන ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කරමින්, ගුණාත්මකභාවය සහ කර්යක්ෂමතව සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් තොරතුරු තාක්ෂණය මඟින් නිවැරැදි තොරතුරු ලබාගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ  වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ ය.

     

    මේ අවස්ථාවට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය  පී.ඩී.එස්.පී. දිසානායක මහත්මිය, කොළඹ නාගරික බලප්‍රදේශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා, ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය සුපුන් විජේසිංහ මහතා,වෛද්‍ය ඩී.එම්. අමරතුංග මහතා සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya