සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජකයන් ගෙන්වා ගනිමින් රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර රට තුළ විශාල සංවර්ධනයක් සිදු කරනවා

    පෙබරවාරි 02, 2017

    ලෝකයේ අද විශාල ඉල්ලුමක් ලැබී තිබෙන්නේ,වෘත්තීමය  පුහුණු ශ්‍රමිකයන්ට බවත් වර්තමාන රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර ආයෝජකයන් ගෙන්වා ගනිමින්  රජය  රට තුළ  විශාල සංවර්ධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා  නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

    විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අම්පාර පුහුණු මධ්‍යස්ථානයට මුල්ගල තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මනුෂ නානායක්කාර මහතා මෙසේ ද පැවසී ය.

     

     “මම හිතන්නේ නැඟෙනහිර පළාතටම ලැබෙන සම්පතක් තමයි අද අම්පාර නගරයට ලැබී තියෙන්නේ. නැඟෙනහිර පළාතටම වෙන් කරන විගමනික පුහුණු මධ්‍යස්ථානය තමයි, මේ අම්පාර නගරයට ලැබී තිබෙන්නෙ. මිලියන පන්සියයක වියදමින් මාස දහ අටක් ඇතුළත මේ ස්ථානයේ සුවිසල් සංකීර්ණයක් ඉදි වෙනවා.

    මෙහි විගමනික ශ්‍ර‍මික පුහුණු මධ්‍යස්තානය වගේම පරිපාලන ගොඩනැගිල්ල මේ සියල්ල ඇතිව ඉතාමත්ම පරිපුර්ණ විගමනික ශ්‍ර‍මික පුහුණු මධ්‍යස්තානයක් ඉදි වෙනවා.මෙහි එකසිය පනස් දෙනෙකුට පමණ නේවාසිකව පුහුණුව ලබන්න පුලුවන් මධ්‍යස්ථානයක් මෙහි ඉදිවෙන්නේ. මෙම කාරණාව මෙම වකවානුවේ ම සිදුවෙන්නට හේතුව වන්නේ අතිගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දෙවර්ෂ පූර්ණ පදවි ප්‍රාප්තිය  වගේම තිරසර යුගයක තෙවසරක ඇරඹුම සනිටුවහන් කිරීමයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ  මහතාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙල තෙවන වසරට ආරම්භ කිරීම සමගාමීව තමයි අද දවසේ මෙම මුල්ගල තැබීම සිදුවන්නෙ.


    වර්තමානයේ මේ නගරයේ දැවැන්ත සංවර්ධනයක් සිදු කරන අමාත්‍ය දයා ගමගේ මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මැතිනිය මෙම ඉදිකිරීම් සඳහා ලබා දුන් සහය,ශක්තිය වගේම අපේ අමාත්‍යංශය වෙනුවෙන් ලබා දෙන සහය ශක්තිය වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා.


    විගමනිකයන් ගැන කතා කරද්දි මෙතන ඉන්න පිරිස තමයි පිට රට ගිහිල්ල අපේ රටට ඩොලර් හොයාගෙන එන්නෙ.තමන්ගෙ ගෙවල් වල තියෙන අමාරුකම් නිසා,රස්සාවක් කරන්න ඕන නිසා,ලංකාවෙ ර්‍අකියාවලින් හොද වැටුපක් ලබා ගන්න බැරි නිසා මේ තරුණ තරුණියෝ විදේශගත වෙනවා.හැබැයි වර්තමාන ආණ්ඩුවේ බලාපොරොත්තුව මේක නෙවෙයි. ආණ්ඩුවේ බලා පොරොත්තුව රැකියා සඳහා පිට රට යැවීම නෙවෙයි. සියයට 70ක් පමණ විදේශ ගත වන කාන්තා ප්‍ර‍තිශතය මේ වෙත්දි සියයට 30ක් දක්වා අඩුකර ගන්න පුලුවන් වෙලා තියෙනවා.අපි ඉදිරියේදීත් විදේශ ගත වන කාන්තා ප්‍ර‍තිශතය තවත් අඩු කරල පුහුණු ශ්‍රමිකයන් විදියට පුර්ෂ පාර්ශිකයන් විදේශගත කිරිම තමයි අපේ බලාපොරොත්තුව. මේ වන විට සියයට 70ට අධික පිරිසක් විදේශ ගත වෙන්නෙ පිරිමි පාර්ශවය.ඒ විවිද වෘතිකයන් විදියට පුහුණු ශ්‍ර‍මිකයන් විදියට තමයි විදේශ ගත වෙන්නෙ.


    තිරසර යුගයක තෙවසරක ඇරඹුම යන්නෙන් සටහන් වෙන්නෙ ම තිරසාර සංවර්ධනයක්.එමගින් බලාපොරොත්තු වෙන්නෙ භූමියේ සංවර්ධනය වගේම පුද්ගලයාගේ ආර්තිකය සාමාජීය වගෙම සංස්කෘතිමය වශයෙන් සංතෝස වෙන සංවර්ධනයක් ඇති කරන්න.ඒක තමයි දැනට රජය කරගෙන යන්නෙ. රජය පිටරට ආයෝජකයෝ අරගෙන එනකොට සමහර අය විරෝධතා දක්වනවා.සමහර තැන්වල නොයෙක් නොයෙක් චෝදනා කරනවා,මොකද්ද මේ කරන්න යන්නෙ කියල.මේ රට විදේශ කොලනියක් කරන්න යනවද අහනවා. මේ රටේ කෑලි එක එක රටවලට බදු දෙනවද අහනවා.මේ රටේ බිම් අගලක් වත් සින්නක්කරව දෙන්නෙ නෑ.ඉතිහාසයේ එහෙම කරපු අවස්තා තිබුණා.

    හැබැයි නව රජයෙන් එම දීපු ඉඩම් පවා නැවත අරගෙන දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා දීල මේ රටේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා. විදේශීය කර්මාන්ත කරුවො ලංකාවට එනව නම්,ආයෝජකයො එනවා නම් චීනෙන් එංගලන්තෙන් කර්මාන්ත ශාලා ලංකාවට එනවා නම් අපේ දරුවො පිට රට යවන්න ඕන වෙන්නෙ නෑ. මේ රටේ හොද වැටුපක් අරගෙන තමන්ගෙ අය එක්කම ජීවත් වෙන්න පුලුවන්,හැබැයි ඒකට අද සමහර දේශපාලන කුහකත්වය හරස් වෙන අවස්ථා අපි දකිනවා.රට ඇතුලෙ සංවර්ධනයක් වෙන කොට,රටේ කර්මාන්ත ශාලා ඉදිවෙන කොට මේක බලා ඉන්න බැරි පිරිසක් ඉන්නවා.මොන ආණ්ඩුව මොන පක්ෂය රටේ බලයට ආවත් රටේ සංවර්ධනයක් කරනව නම්,රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් තිරීමට වැඩ තරනවා නම් රටේ තරුණයන් හට රැකියා උත්පාදනය කරන්න උත්සහ ගන්නවා නම් ඒකට කනකොකා හඩන විදියට වැඩ කරන්න හොද නෑ. එසේ කිරීම සදාචාර සම්පන්න නැහැ.ඒ අයට තියෙන්නෙ දේශපාලන අරමුණු විතරයි. දේශපාලන අරමුණු පැත්තකින් තියල රටේ සමස්ත ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් වැඩ කිරීම අවශ්‍යයි.

     

    අද සමහර තැන් වල රජයට විරුද්ධව විරෝධතා ඇති කරල වර්ජන ඇති කරල 2017 අවුරුද්දේ ආණ්ඩුවක් ගන්න පුලුවන් කියල කල්පනා කරනවා.සමහර අය හිතන් ඉන්නවා, 2017 දී විපක්ෂයේ ආණ්ඩුවට එයි ආණ්ඩුව විපක්ෂයට යයි කියල. ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව සංශෝධනය කර තියෙනවා. මොනම හේතුවකටවත් අවුරුදු හතරහමාරක් යනතුරු ආණ්ඩුව විසුරවන්න බැහැ. පාර්ලිමේන්තුවේ බලය වෙනස් කරන්න බෑ. ආණ්ඩුව ශක්තිමත් මේ ආණ්ඩුව අද වෙනස් කරනවා හෙට වෙනස් කරනව කියල ජනතාව මුලා කරල තමන්ගෙ පාක්ෂිකයො රැක ගන්න කරන රැවටීමක් විතරයි .

    රටේ ප්‍ර‍ධාන පක්ෂ දෙක එක්වී හැදූ මේ ආණ්ඩුව 2020 දක්වා කිසිම ප්‍ර‍ශ්නයක් නැතුව යනවා.මේ රටේ කරන සංවර්ධනයත් එක්ක 2020 න් පසුවත් මෙම රජය ඉදිරියට යනවා. අවුරුදු 30ක යුද්ධයත් එක්ක අපි පස්සට ගිහිපු රටක්.

    විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියා පදිංචි නොවී හොර පාරෙන්  සංචාරක වීසා මත පිට රටවල්වලට ගිහින් දාල ඒ අයගෙ ගාන අරගෙන මාරු වෙනවා. විවිධ කරදර වලට පත් වෙනවා. මේ දුප්පත් කාන්තාවෝ රට රටවල්වල කාගෙවත් සරණක් නැතුව දුක් විඳිනවා. අද විදේශ සේවා නියුක්ති කාර්යංශ මේ සඳහා උපරිම ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා.ගුවන් තොටුපොලේ නීති වැඩි කරල තියෙනවා.විදේශ රැකියා අමාත්‍යංශයේ වගකීමක් තියෙනවා ඔබ විදේශ ගත වූ පසු ඔබේ ආරක්ෂාව ගැන සොයා බලන්න යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

     

    මෙම අවස්ථාව සඳහා ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ද හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා ද සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya