සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂඥ වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් එපා - සෞඛ්‍ය ඇමැතිගෙන් නියෝගයක්

    පෙබරවාරි 02, 2017
    විවිධ රෝග සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීම නතර කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 
     
    ඩෙංගු, මැලේරියා ඇතුලු අනෙකුත් රෝග සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබාදීම තුළින් ගැටලු රැසක් ඇතිවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 
     
    පවතින ස්ථාන මාරුවීම් ක්‍රමවේදය සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට මෙහිදී උපදෙස් ලබාදෙන ලදි. ඉහළ තනතුරුවලට පත්විය හැකි ආකාරයට වෛද්‍යවරුන්ට අවස්ථාව සළසා දෙන ලෙසත්. වැඩබලන සියලු තනතුරු අහෝසි කරන ලෙසත්. සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් ලබාදෙන ලදි. 
     
    තව ද පසුගිය කාල පරිච්ඡේදය තුළ එක් එක් පුද්ගලයාට අවශ්‍ය පරිදි ස්ථාන මාරුවීම් ලබාදූන් බවත්. එම වැඩපිළිවෙළ ඉදිරියේ දී ක්‍රියාත්මක නොකරන ලෙසත්. සෞඛ්‍ය අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි. මෙහිදී ප්‍රජා සෞඛ්‍ය සේවාව නංවාලීම පිළිබඳ වැඩපිළිවෙළක් පිළිබඳව ද සාකච්ඡා කෙරුණි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya