සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විගමණික ශ‍්‍රමිකයින්ගේ අවම වැටුප ඉහළට

    පෙබරවාරි 02, 2017
    2017 වර්ෂය සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ජාතික අයවැය යෝජනාවලියට අනුව විදේශ රැකියා සඳහා පිටත් වන විගමණික ශ‍්‍රමිකයින්ගේ අවම වැටුප ඉහළ නැවීමට යෝජනා විය.
     
    ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරත වන ශ‍්‍රමිකයින්ගේ අවම වැටුප, පුහුණු ශ‍්‍රමිකයින් සඳහා ඇමරිකානු ඩොලර් 450ක් ලෙසද, නුපුහුණු ශ‍්‍රමිකයින් සඳහා ඇමරිකානු ඩොලර් 350ක් ලෙසද තීරණය කර ඇති අතර, එය 2017-02-01 වන දින  සිට කි‍්‍රයාත්මක වේ.
     
    එදින සිට නව සංශෝධිත අවම වැටුප්වලට පමණක් කාර්යාංශය අනුමැතිය ලබා දෙන අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගත වන ලෙසත් කාර්යාංශය අවධාරණය කරයි.
     
    ඉහත අවම වැටුප් කාණ්ඩ දෙකට අයත්වන, ඒ ඒ රැකියාවන් පිළිබඳ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පහත දුරකතන අංකවලින් ලබා ගත හැක.
     
    011 2 864 107 - පලමු අනුමැති අංශය
    011 2 880 500 - පොදු දුරකතන අංකය
    011 2 251 148 - 24 පැය සේවාව
    011 2 251 386 - 24 පැය සේවාව
    1989 - ක්ෂණික ඇමතුම් අංකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya