සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'සමාජ වැඩට' ජපුරෙන් උපාධියක්

    පෙබරවාරි 02, 2017
    සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය යටතේ පවතින උසස් අධ්‍යාපන ආයතනයක් වන සමාජ සංවර්ධන ආයතනය විසින් පවත්වාගෙන යන සියලු ම උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලය යටතේ පිරිනැමීමේ මූලික අවබෝධතා ගිවිසුමට ඊයේ (01) දෙපාර්ශවයම අත්සන් තැබීය.
     
    මේ අනුව දැනට ජාතික සමාජ සංවර්ධන ආයතනය පිරිනමන 'සමාජ වැඩ' උපාධියත් එහි පශ්චාත් උපාධි පාඨමාලාව හා සෙසු ඩිප්ලෝමා පාඨමාලාවන් සියල්ල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යටතේ පිරිනැමෙනු ඇත.
     
    බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙනුවෙන් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, කලා පීඨාධිපති මහාචාර්ය චන්ද්‍ර කුමාර් , සමාජ විද්‍යා අධ්‍යන අංශ පීඨාධිපති මහාචාර්ය මයුර සමරසිංහ හා කළමනාකරණ අංශ පීඨාධිපති මහාචාර්ය වීරකෝන් බංඩා යන මහත්වරුන් ද ජාතික සමාජ සංවර්ධන ආයතනය වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් රිඩ්ලි ජයසිංහ හා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි අත්තනායක යන මහත්ම මහත්මීන් ඇතුළු කාර්ය මණ්ඩලය ද අමාත්‍යාංශ ලේකම් මහින්ද සෙනවිරත්න හා අතිරේක ලේකම් සමන් උඩවත්ත යන මහත්වරු හා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ද එක්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya