සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා සෞඛ්‍ය ඇමැතිගෙන් යෝජනාවක්

    පෙබරවාරි 01, 2017
    රාජ්‍ය අංශයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වරප්‍රසාද හා දිරිගැන්වීම සඳහා ක්‍රමෙවිදයක් සකස් කළ යුතු යැයි ද ක්‍රීඩා කෞෂල්‍යයන් මත උසස්වීම් සහ වැටුප් වර්ධක ලබාදීමේ දී ලකුණු ලබාදීමේ ප්‍රමුඛත්වයක් ඇති කළ යුතු බව යෝජනා කරන බවත් රාජ්‍ය සේවකයින්ට එවැනි දිරිගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාව අමාත්‍ය මෙණ්ඩලයට යොමු කිරීමට තමන් කටයුතු කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වර්ණ සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.  
     
    "වර්තමානයේ බෝ නොවන රෝග පිළිබඳ ව සාකච්ඡා කළත්, ව්‍යායාම් කරන්නේ කීදෙනෙක් ද. ශරීර සෞඛ්‍ය රැකියාවක් කිරීමේ දී ඉතාම වැදගත්. ක්‍රීඩා කරන අයගේ බුද්ධිය සහ අධ්‍යාපන දැනුම ඉතා වැඩි බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. විනාඩි 30 ක කාලයක් පාපැදියක් පැදීමේ දී පිළිකා සෛල සියයට 30 කින් අඩුවන බව නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා. පැරණි මුතුන් මිත්තන් ව්‍යායාම් රැසක් සිදු කළා. දඩයම් කිරීම, ගොවිතැන් කිරීමත් ව්‍යායාමයක්" යැයි ද කීය.
     
    "විදේශීය රටවල උසස්වීම් ලබාදෙන්නේ ඡ්‍යෙෂ්ඨත්වය මතයි. දක්ෂතා මතයි. අපේ රටේ එහෙම නොවෙයි. වෘත්තීය සටන් සිදු කළොත් තමයි උසස්වීම් ලබාදෙන්නේ. කැපවී රාජකාරී කරන රාජ්‍ය සේවකයින් ඇගයීමට ලක් කළ යුතුයි. සමාජ සේවා කටයුතු සිදු කරන පුද්ගලයින් ද ඇගයීමට ලක් කළ යුතුයි. අපේ රටේ තම නාමය පවත්වාගෙන යාමට නම් වෘත්තීය සමිති නිලධාරියෙක් විය යුතුයි. නැතිනම් විරෝධතා පැවැත්විය යුතුයි. නමුත් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම නාමය ප්‍රචලිත කර ඇත්තේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වීමෙන්" යැයි ද පෙන්වා දුන්නේය.
     
    මෙහිදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය හා සමස්ත කාර්ය මණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සම්මාන උපහාරයක් ද පිරිනමන ලදි. 
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතී නීතිඥ සරත් ලියනගේ, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි, සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක යන මහත්වරුන් ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව සිටියහ.  
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya