සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර හෙට ඇරඹේ

    ජනවාරි 31, 2017

    කුරුණෑගල, අලව්ව - ගිරිඋල්ල ප‍්‍රධාන මාර්ගයේ කුඩගම්මනදී මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ආරාධනය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (01) සිදුකිරීමට නියමිත බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

    මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මි 39.29 දුරකින් යුතු මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර සඳහා රු.බිලියන 137.098 ආයෝජනයක් සිදුකරනු ලබයි. මීටර් 3.6 බැගින් වන මංතීරු 4කින් සමන්විත මාර්ගයේ පළළ මීටර් 23කි. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05ක් ඇතුලත් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර තුල මීරිගම ,නාකලගමුව, මල්පිටිය , පොතුහැර සහ කුරුණෑගල යන ස්ථානයන්හී මෙම අන්තර් හුවමාරු ස්ථාපිත වනු ඇත. 2019 වසරේ මැද භාගය වන විට මෙම අදියරේ ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

     

    ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුළ විශේෂ ස්ථානයක් මධ්‍යම අධිවේගී මාර්ගය වෙත හිමි වේ. විශේෂයෙන්ම දිවයිනේ පළාත් රැසක් (බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද) යා කෙරෙමින් ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය නිම වීමත් සමඟ පළාත් අතර ගමනාගමනය ඉතා කෙටි කාලයක් තුළ සිදුකළ හැකි වනු ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

     

    එමඟින් උතුරු නැගෙනහිර, ඌව වැනි පළාත්වල සිට මහනුවර සහ අගනුවර වෙතත්, ව්‍යාපෘතියෙන් ආවරණය වන අනෙකුත් පළාත් වෙතත් ඉතා කෙටි කාලයක් තුළ ගමන් කිරීමට හැකි වීම ආර්ථික, පරිපාලන හා ප‍්‍රවාහන යන සෑම අංශයකම වර්ධනයට විශාල රුකුලක් වේ.

     

    මෙරට අධිවේගී මාර්ග ඉතිහාසය තුළ සුවිශේෂී ස්ථානයක් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වෙත හිමි වන්නේ, සම්පූර්ණයෙන්ම දේශීය ඉදිකිරීම්කරුවන් විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ඉදිකිරීම් කටයුතු කිරීම හේතුවෙනුයි. මීට පෙර මෙරට සිදුකල කිසිදු අධිවේගී මාර්ගයක ප‍්‍රධාන මට්ටමේ ඉදිකිරීම් සඳහා දේශිය ඉදිකිරීම්කරුවන්ගේ දායකත්වය ලබා ගෙන නොමැති අතර මෙම ව්‍යාපෘතියත් සමඟ මෙරට අනාගත දේශීය ඉදිකිරීම් ක්ෂේත‍්‍රය වෙත තවත් මාවතක් ද විවර වනු ඇත. නව රජය දේශීය ඉදිකිරීම්කරුවන් දිරිගැන්වීම සඳහා ගත් සුවිශේෂ පියවරක් වන මේ තුළින් අනාගතයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් විදේශ රටවල් වෙත ඇදී යන විශාල මුදල් ප‍්‍රමාණයක් මෙරට තුළ රඳවා ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

     

    අදියර 4ක් යටතේ ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය කි.මී.168.7ක දුරකින් යුක්ත වේ.

    1 අදියර කඩවත -  මීරිගම - දිග කි.මී.37.09
    අන්තර් හුවමාරු 04 ( කඩවත, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම දකුණ)

    2 අදියර මීරිගම - කුරුණෑගල - දිග කි.මි 39.29
    අන්තර් හුවමාරු 05 ( මීරිගම ,නාකලගමුව, මල්පිටිය , පොතුහැර සහ කුරුණෑගල)

    3 අදියර පොතුහැර - ගලගෙදර - දිග කි.මී.32.5
    අන්තර් හුවමාරු 02 (රඹුක්කන, ගලගෙදර)

    4 අදියර කුරුණෑගල - දඹුල්ල - දිග කි.මී.60.3
    අන්තර් හුවමාරු 05 (රිදීගම,මැල්සිරිපුර,ගලේවෙල, දඹුල්ල - ඒ009, දඹුල්ල - ඒ006)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya