සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපෑලේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ලැප්ටොප් පරිගණක

    ජනවාරි 31, 2017
    ශ්‍රී ලංකා තැපෑලේ ක්ෂේත්‍රගත රාජකාරීන්හි නියුතු නිලධාරීන්ට ලැප්ටෝප් පරිගණක ලබාදීමේ වැඩසටහනක්  ක්‍රියාත්මක කිරීම පසුගිය දා තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
     
    තැපෑල නව හැරවුම් ලක්ෂයක් වෙත ගෙන යායුතු බවත් තවදුරටත් සම්ප්‍රාදායික ක්‍රියාවලිය තුළ මුළුගැන්වීම නොකළ යුතු ක්‍රියාවක් බව ද විවෘත ලෝකයේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව තැපෑලේ මෙහෙයුම් ක්‍රියාවලිය සකස් වියයුතු බව ද අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේය.
     
    මෙහි දී රුපියල් මිලියන 38 ක වියදමින් ලැප්ටොප් පරිගණක 110ක් සහ කාර්යාලීය පරිගණක 250ක් බෙදාදීම සිදුවිණ.
     
    තැපෑලේ පැවැති පැරණි ගිණුම්ගත කිරිමේ ක්‍රියාවලිය තුළ කිසිවෙකුටත් වංචා දුෂණ කිරීමට ඉඩකඩක් නොතිබුණ බවත් ඒ නිසා  හඳුන්වාදෙන නව තාක්ෂණික ක්‍රමවේදයන් තුළත් එය ආරක්ෂා විය යුතු යැයි ද සැමදා ම තැපෑල එකම රවුමක් තුළ කරකැවීමක් මේ දක්වා පෙන්නුම් කළත් එය යුගයේ අවශ්‍යතාවය නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දුනි. 
     
    හොරුන් හෝ වංචනිකයන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ප්‍රධාන තැපැල් කාර්යාල ජාලගත කිරීමේ ක්‍රියාවලිය අවසන් අදියරට පැමිණ තිබෙන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ඒ අනුව තැපෑල නව තොරතුරු තාක්ෂණය ක්‍රමයන් උපයෝගී කර ගන්නා තැනකට තල්ලු කිරීම අපේ අරමුණ බව වැඩිදුරටත් සඳහන් කළේය.
     
    මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් ඩී.ජී.එම්.වී. හපුආරච්චි මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya