සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී කංසා වගා කිරීමට කටයුතු කරනවා - සෞඛ්‍ය ඇමැති

    ජනවාරි 31, 2017
    ආයුර්වේද ඔසු උයන් පෞද්ගලික අංශයේ දායකත්වය මත සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර ම ශ්‍රී ලංකාවට අවශ්‍ය දේශීය ඖෂධ වර්ග රැසක් ඉන්දියාවෙන් ආනයනය කරන බවත් අබිං එලෙස ආනයනය කරන එක ඖෂධයක් බවත් පෙන්වාදෙන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කංසා වගා කිරීමේ යෝජනාව පසුගිය වසරේ දී ඉදිරිපත් කළ බවත් ඒ සඳහා මහා සංඝරත්නය විරුද්ධත්වයක් නොමැති බැවින් හමුදාව යොදවා කංසා වගා කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේ දී දියත් කිරීමට මම බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
     
    කංසා දුම්වැටි මෙන් පානය කළොත් පමණක් ප්‍රශ්න ඇති වන බවත් ඖෂධයක් ලෙස භාවිත කළොත් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත් සේනාරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ "සෙත් සුව" ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුජීව විතානගේ මහතා විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රාණජීව ආයුර්වේද නිෂ්පාදන 12ක් එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි. 
     
    "ශාකසාර ඖෂධ ලෝක වෙළෙදපොලේ ඩොලර් බිලියන 54 ක වාර්ෂිකව අලෙවියක් සිදුවෙනවා. පුද්ගලයෙකුගේ ජාන අනුව ප්‍රතිකාර කිරිම ඇමෙරිකා එක්සත් ජනපදය ආරම්භ කර තිබෙනවා. මෙම ක්‍රමය තමයි දේශීය වෛද්‍ය ක්‍රමයේ තිබෙන්නේ. අපේ රටේ ආයුර්වේද ඖෂධ පැලෑටි වැවුනත්, එහි පේටන්ට් අයිතිය‍ෙතිබෙන්නේ විදේශීය රටවලටයි" යැයි ද කීය.
     
    "නොවැම්බර් මාසයේ දී විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබඳ සමුළුවක් සහ ජාත්‍යන්තර ආයුර්වේද වෙළඳ ප්‍රදර්ශනයක් කොළඹ දී පවත්වන බවත් ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඩොලර් 50,000 ක් ලබා දී තිබෙනවා. දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වන බවත් ගස් ලබුවල සාරය යොදා ගනිමින් ඩෙංගු රෝගීන්ගේ රුධිරාණු ප්‍රමාණය වැඩි කර ගත හැකියි. ගස් ලබු සාරයෙන් ඉන්දියාව ඖෂධ නිෂ්පාදනය කර තිබෙනවා. මම ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා එම ඖෂධය ලංකාවට ගෙනවිත් රාජ්‍ය ආයුර්වේද ඖෂධ සංස්ථාව හරහා බෙදාහැරීමට. සෙත් සුව ආයුර්වේද රෝහලේ නිෂ්පාදනය කරන ඖෂධ රටවල් 20කට අපනයනය කරනවා. ශ්‍රී ලංකාව සහ දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ ව පණිවුඩය ජාත්‍යන්තරයට ගෙනයාමට මෙම ඖෂධ උපකාරි වෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද වෛද්‍ය සභාව, ආයුර්වේද වෛද්‍ය සංග්‍රහය සංශෝධනය කරනවා. ආයුර්වේද පුස්කොළ පොත් සිංහල භාෂාවට පරිවර්තනය කර වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා" යැයි ද පැවසීය.
     
    මෙම අවස්ථාවට කොට්ටේ ශ්‍රි කල්‍යානි ශ්‍රී ධර්ම  සංඝ සභාවේ මහානායක අතිපුජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, ගුවන් හමුති එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ආයුර්වේද කොමසාරිස් එල්.එච් තිලකරත්න මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya