සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුම වතු රෝහල් සංවර්ධනයට හා ඔසු උයන් සංවර්ධනයට වැඩපිළිවෙළක්

    ජනවාරි 30, 2017

    සියලුම වතු රෝහල් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    වතු රෝහල් සංවර්ධනය කිරීමෙන් රෝහල්වල තදබදය අවම වන බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා, විශේෂයෙන්ම පළාත් සභා යටතේ පවතින වතු රෝහල් සංවර්ධනය කිරීම 2017 වසරේ අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

     

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. දිවයින පුරා පිහිටි වතු රෝහල් 20 ක් සංවර්ධනය කිරීම සඳහා 2016 වසරේ දී මිලියන 410 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කර ඇත. තවද පර්යන්ත රෝහල් සංවර්ධනය කිරීම යටතේ බාහිර රෝගී අංශය, ප්‍රතිකාර වාට්ටු 02 ක් සහ ගිලන් රථයක් එම රෝහල්වලට ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

     

    එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගිලන් රථ 250 ක් සහ කැබි රථ 150 ක් මිලදි ගැනීමට නියමිත අතර, ඒවා පළාත් සභා රෝහල්වලට ද ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු විය.

     

    තව ද ආයුර්වේ ඔසු උයන් සංවර්ධනය කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරුනි. නිකවැරටිය ඔසු උයන මෙි වනවිට සංවර්ධනය කර ඇති අතර, උතුරුමැද පළාතේ සියලුම වියළි ඖෂධ වර්ග මිලදි ගැනීමට ආයුර්වේද ඖෂධ සංස්ථාව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. එම වැඩපිළිවෙළ ඌව පළාතේ ද ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතාට දැනුම් දෙන ලදි. හල්දුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 100 ක ඔසු උයන ද සංවර්ධනය කිරීම පිළිබඳව  ද මෙහිදී සාකච්ඡා කෙරුනි.

     

    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාශයේ සියලුම ලේකම්වරුන්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.

     

    ඌව, මධ්‍යම, බස්නාහිර, නැගෙනහිර, උතුරු මැද යන පළාත්වල සෞඛ්‍ය අමාත්‍යවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya