සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාවහන් නිෂ්පාදනයේ විශාල වර්ධනයක් - කර්මාන්ත ඇමැති

    ජනවාරි 30, 2017

    ශ්‍රී ලංකාවට පාවහන් ආනයනය කිරීම සියයට 60ක සිට සියයට 20ක් දක්වා අඩුකිරීමටත් මෙරට නිෂ්පාදනය කරන පාවහන් තොග විශාල වශයෙන් විදෙස් රටවලට අපනයනය කිරීමේ හැකියාව ලැබී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සම්භාණ්ඩ නිෂ්පාදකයන් පිරිසක් සිය අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේ දී ය.

     

    අදින් වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ පාවහන් භාවිතයෙන් සියයට 60ක් සපයන ලද්දේ විදේශවලින් ආනයනය කිරීමෙන් බවත් මේ වනවිට මෙරට පාවහන් වෙළෙඳ පොළ සඳහා සියයට 80ක් භාණ්ඩ මෙරදීම නිෂ්පාදනය කරන බවත් අමාත්‍යවරයා පවසයි.


     
    එය මෙරට සපත්තු නිෂ්පාදනයේ විශාල වර්ධනයක් බව පෙන්වා දුන්නේය.

     

    2013 වර්ෂයේ දී ශ්‍රී ලංකාව පාවහන් අපනයනයෙන්  රුපියල් කෝටි 380ක් උපයා තිබිණි. අමාත්‍යවරයා පවසන්නේ එය 2015 වර්ෂ අවසානය වනවිට  රුපියල් කෝටි 1170ක් දක්වා වැඩිකර ගැනීමට හැකියාව ලැබුණු බවයි. 2016 වර්ෂයේ මුල් මාස අටේ දී පමණක් රුපියල් කෝටි 1198ක් වටිනා පාවහන් නිෂ්පාදන මෙරටින් විදෙස් රටවල් සඳහා අපනයනය කර ඇත.

     

    2013 වර්ෂයට සාපේක්ෂව 2015 වර්ෂයේ පාවහන් අපනයන ආදායම සියයට 307 කින් වර්ධනය වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබේ.


    අපේ කර්මාන්තකරුවන් 4000ක් පමණ මේ ක්ෂේත්‍රයේ නියැලී සිටිනවා. අපිට පුළුවන් වුණා අපේ රටට අවශ්‍ය පාවහන් වෙළෙඳ පොළ සඳහා මෙතෙක් අප රටෙන් දායක වූ සියයට 40ක ප්‍රමාණය සියයට 80ක් දක්වා වර්ධනය කරන්න. ඒ වගේ ම පාවහන් අපනයන ආදායමත් වැඩි කරගන්න අපිට හැකියාව ලැබී තිබෙනවා. මෙය මේ ක්ෂේත්‍රය ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya