සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථිකය ශක්තිමත් වු විගස, බදු බරින් ජනතාව නිදහස් කරනවා- මුදල් ඇමැති

    ජනවාරි 30, 2017

    සැලසුම්සහගත  ආර්ථිකයක්  තුලින්   ලැබෙන ප්‍රතිලාභ  හමුවේ ජනතාව බදු බරින්  නිදහස්   කිරීමට නොපමාව කටයුතු කරන බව   මුදල් අමාත්‍ය  රවි කරුණානායක මහතා  ප්‍රකාශ  කරයි.

    අමාත්‍යවරයා පෙන්වා  දෙන්නේ  රටතුල ස්ථාවර   ආර්ථික ප්‍රතිපත්තියක්  සඳහා  වන මහා ආර්ථික සැලැස්ම  අතිගරු  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ  මඟපෙන්වීම යටතේ දැනටමත් ක්‍රියාවට නන්වමින් සිටින බවයි.  අමාත්‍යවරයා  මේ බව පැවසුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාපිත  කළ  අති නවීන  පහසුකම්වලින්  සමන්විත මහා පරිමාණයේ  ධාන්‍ය   ගබඩා   සංකීර්ණය   ගොවිජන  අයිතියට  පත් කිරීමේ  උත්සව  අවස්ථාවට එක්වෙමිනි.

     

    මන්නාරම මුරුන්කන්   ප්‍රදේශයේ  ස්ථාපිත කළ  මෙම ධාන්‍ය  ගබඩා  සංකීර්ණය  පසුගිය (26) දා   විවෘත කළ අතර එය සංකේතවත්  කරමින්  අමාත්‍යවරයා  විසින්, ප්‍රදේශයේ   ගොවීන්   කිහිපදෙනෙකුගේ   වී   තොග,  ගබඩා සංකිර්ණය වෙත භාර ගැනිමද එහිදී  සිදුකෙරිනි.
    ධාන්‍ය  ගබඩා  සංකිර්ණය   විවෘත කිරීමෙන්  අනතුරුව   උත්සව  සභාව  ඇමතු අමාත්‍යවරයා  තවදුරටත් කියා  සිටියේ   ගොවි   ජනතාවගේ  ජීවන තත්ත්වය  ඉහල තලයකට  ගෙන ඒම සඳහා   වත්මන්   රජය  හැකි  උපරිමයෙන්  ක්‍රියාකරන බවයි.

    එහි දී වැඩි  දුරටත්  අදහස්  දැක්වු  අමාත්‍ය රවී කරුණානායක මහතා,

     

     “අපි මේ  වගේම ධාන්‍ය  ගබඩා  සංකිර්ණයක්   අනුරාධපුරයේත්, මොණරාගල දිස්ත්‍රික්කයේත්  ස්ථාපිත කළා. ඒ  ගබඩා දෙක ස්ථාපිත කිරිමත්  සමඟ  ගොවීන්  සඳහා    ලැබෙන  ආදායම 35% – 40% කින්  ඉහල  ගොස්  ඇති බව  දැන්  තහවුරු වි  තිබෙනවා.   අපට අවශ්‍ය  වන්නේ   මේ  මුදල්  ටික  ගොවීන්ගේ  සාක්කුවට  යන්නයි. එදා  නිසි ක්‍රමවේදයක් නැති කමින්    නාස්ති වුනදේ,  ‍අද  හරි  මාර්ගයේ   ගෙනියන්න  පුළුවන්  වාතාවරණයක්  ඇති  වී  තිබෙනවා. මේ ධාන්‍ය  ගබඩා සංකිර්ණය ගොඩනගන්න   රුපියල්  මිලියන 264ක් වියදම්  කළා.  ධාන්‍ය   මෙට්ට්‍රික්  ටොන්  10,000ක  අස්වැන්න  මෙතන   එකවර ගබඩා   කරන්න අවස්ථාව ඇති  කරලා  තියෙනවා.  ගොවි  මහත්වරුන්ට  අස්වැන්න වල මිල අඩුවන කාලයේදි  මෙතන ගබඩා  කරල,  මිල වැඩිවන  විට  අලෙවිකර  ගන්න පුළුවන්  අවස්ථාව  තමයි අපි  උදාකර  තිබෙන්නේ.   මේ රටේ  දළ දේශීය   නිෂ්පාදිතයෙන්  10%ක්   කෘෂිකර්ම ක්ෂේත්‍රයෙන්  වූවත්  අපේ  ශ්‍රම බල ශක්තියෙන්  35% 40% ක්  තාම යැපෙන්නේ  කෘෂිකර්ම ක්ෂේත්‍රය  තුලින්.   ඒ  නිසා  කෘෂිකර්ම ක්ෂේත්‍රය වැඩි දියුණු කිරිමේ  දැඩි  අවශ්‍යතාවක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ  සහ අග්‍රාමාත්‍යතුමාගේ මඟ පෙන්විම මත, කෘෂිකර්මාන්තය   ශක්තිමත්  කරමින්, ගොවීන්ගේ  හෙට දවස  සුරක්ෂිත කිරිම  රජයේ  ප්‍රධාන අරමුණක්. මේ  වගේ  ගබඩා  හයක්  රටපුරා   ඉදිකරල එහි  ප්‍රගතිය දෙස බලා  රටපුරා   තවත්  ධාන්‍ය ගබඩා  ඉදිකරන්න අපි  කටයුතු  කරනවා. ඒ  වගේම  ශිත කරන  ගබඩා  හතරක්   රටපුරා   මේ අකාරයෙන්   ඉදිකරන්නත්  අපි ක්‍රියාකරනවා.

     

    1948  නිදහස  ලබා  ගන්න කොට   සුදු ජාතිකයින්  ඩී.එස්  සේනානායක  අගමැතිතුමාගෙන්    ප්‍රශ්න  කළා.   අපේ රටට  නිවැරදි නායකත්වයක්  දෙන්න, සමඟිය  ඉදිරියට  ගෙනියන්න පුළුවන්  හැකියාව තියෙනවාද  කියලා.  අද  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,  අග්‍රාමාත්‍ය   රනිල්  වික්‍රමසිංහ මැතිතුමා  මේ  පක්ෂ  දෙක  ඒකාබද්ධ  කරලා  එක සම්මුතිවාදයකින්   ක්‍රියාකිරිම තුළින්, පෙන්වා දි තිබෙන්නේ  ඒ ජාතික සමඟියයි. ඒ නිසා  තමයි  නව  ව්‍යවස්ථාවක්  තුළින්,  තියෙන  අඩුපාඩු  නිවැරදි   කරගෙන  රටේ   ඒකීය භාවය රැකගෙන  සියලු  ජාතීන්ට  එකට   ජිවත්වෙන්නට  පුළුවන්   ශ්‍රී ලාංකික අනන්‍යතාවයක්  ඇතිකර  ගැනීමට   අපි මුලපුරා තිබෙන්නේ. එය රටට යෝග්‍ය  බව  අද  හැමෝගෙම  අදහස වි තිබෙනවා.

     

    ඒක ඉදිරියට  ගෙනියන්න රටේ   ආර්ථිකය තවදුරටත් ශක්තිමත්   කරගැනිම අවශ්‍යයි. ඒ  ආර්ථිකය  ගොඩ නගන  එක තමයි  අද මේ මොහොතේ දි අපේ භාරධුර වගකිම වී තිබෙන්නේ.  අපි රට භාරගත්  අවස්ථාවේ දි  යම්  යම් කොටස් දෝෂාරෝපණය කළා.   කෝ මේ  රටේ  සංවර්ධනය  කියලා.  අපට ලැබුනේ   දණින්  වට්ටපු  ආර්ථිකයක්,   අපේ  දෛනික වියදම  රුපියල්  1000ක්  නම්  ආදායම රුපියල්  100යි   තිබුනේ.  කොහොමද   මේක  වෙනස්  කරන්නේ   කියන අභියෝගය දැන්  තියෙනවා. ජනතාවට මේ බර දෙන්න අපි සුදානම්  නැහැ.  

     

    ගත්ත  විදේශ ණය නිසා  එදා   ගොඩ එන්න බැරි  තත්ත්වයක්  තමයි  තිබුනේ.   අද රටේ  හැම  කොනෙන්ම  ඒ  ලැබෙන  ආදායම තුලින්  එදාට වඩා සතුටුදායක ලෙස  ජිවත් වෙන්න පරිසරක්  නිර්මාණය වී තිබෙනවා. මේ  බදු  බර, වැඩි  කාලයක්    ජනතාවට දැනෙන්න ඉඩ තියන්නෙ නැහැ. රටේ  ආර්ථිකය  තුළින්  ලැබෙන ප්‍රතිලාභය  වැඩිකල්  යන්න කලින්,   නැවත  අපි  ජනතාවට   ලබාදෙනවා. ඒ  නිසා   අපි  සියළු  දෙනාම     රට ජයග්‍රාහී  මාවතකට ගෙනියන්න පෙළ  ගැසෙන්න කියලා  මම ඉල්ලා සිටිනවා.” යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු  අමාත්‍ය රිසාඩ් බදුර්දීන් මහතා, මන්නාරම දිස්ත්‍රික් ලේකම් එම්.වයි.එස් දේශප්‍රිය මහතා, මුදල්  අමාත්‍යාංශයේ  සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා ඇතුළු ප්‍රදේශයේ  රාජ්‍ය නිලධාරින්  මෙන්ම ගොවි  ජනතාව විශාල පිරිසක්   සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya