සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඳුරු වීදුරු ආරක්ෂාව සහ වෛද්‍ය හේතූන් සඳහා පමණයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    ජනවාරි 27, 2017
    රථවාහනවල දෙපස වීදුරු අඳුරු පැහැ ගැන්වීමට අවසර ලබාදෙන්නේ ආරක්ෂාව සහ වෛද්‍ය හේතුන් යන කරුණු දෙක සඳහා පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) පොලිස් මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ආරක්ෂාව සහ වෛද්‍ය හේතූන් මත වීඳුරු අඳුරු කිරීම සඳහා අවසර ලබාදීමේ දී පොලිස් වාර්තාවක් මෙන් ම ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශය මත මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා විසින් අවසර ලබාදීම සිදු කෙරේ.
     
    මෙම නීතිය රථවාහන ආඥා පනතේ 20 3 අධිකාරිය අනුව ක්‍රියාත්මක කෙරෙන අතර මේ සියලු දේ ක්‍රියාත්මක කිරීම හරහා කිසිම පුද්ගලයෙකු අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් නොවන බවත් ඒ හරහා සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් බවත් ඒ මහතා පැවසීය.
     
    2016 වසරේ රිය අනතුරු 2061ක් සිදු ව ඇති බවත් රිය අනතුරු හේතුවෙන් මරණයට පත්වන ප්‍රමාණයේ අඩුවක් නොව දිනෙන් දින වර්ධනයක් දක්නට ලැබෙන බැවින් මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අඳුරු වීදුරු නීතිය ක්‍රියාත්මක කිරීමේ දී එම ස්ටීකර් ගලවා ඉවත් කිරීම සඳහා සහන කාලයක් ලබාදෙන බවත් පසුව ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් වීදුරුව ඇතුළතින් 70%ක් ආලෝකය ගමන් කරන ආකාරයෙන් පමණක් අලවා ඇති ස්ටීකර් සඳහා අවසර ලැබෙන අතර වීදුරුව හරහා ආලෝකය ගමන් කිරීමේ ප්‍රමාණය සෙවීමේ උපකරණ පොලිසිය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුවන බවත් රථවාහන නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය.
     
    රථවාහනවල ප්‍රධාන ලාම්පුවලට අමතර ව අමතර ලාම්පු දල්වාගෙන ගමන් කිරීමේ සිදුවීම් පිළිබඳ මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එහිදී ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වන බවත් පොලිස් පෙරගමන් රථ හැරුණු විට වෙනත් කිසිඳු රථවාහනයකට ප්‍රධාන ලාම්පුවලට අමතරව තවත් ලාම්පු දල්වාගෙන ගමන් කළ නොහැකි බවත් කීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya