සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට පත්කිරීම දිගටම

    ජනවාරි 27, 2017
    නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින (Absent Without Official Leave - AWOL) ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර මේ වනවිට එක් නිලධාරියෙක් සහ සෙසු නිලයින් 250ක් අත්අඩංගුවට ගෙන ඇති බව හමුදා ප්‍රකාශක, යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.
     
    දෙසැම්බර් මස 31දා මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින පිරිස් අත්අඩංගුවට ගැනීමේ කටයුතු ආරම්භවූ අතර පසුගිය 25දා වන විට මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණ බව පැවසු හමුදා ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගැනීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් එම පිරිස් සඳහා විනයානුකුලව කටයුතු කිරීමට කටයුතු කරන බවත් පැවසීය. මේ සම්බන්ධව සියලු ම පොලිස් ස්ථාන මෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් ද දැනුවත්කර ඇති බව බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා වැඩිඳුරටත් පැවසිය.
     
    නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින (Absent Without Official Leave -AWOL) ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා නිශ්කාෂණ ලබා නිත්‍යානුකුලව සේවයෙන් ඉවත්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් 2016 වසර තුළ දෙවතාවක් වරකට මසක් බැගින් වූ පොදු සමා කාලයක් (General amnesty) ප්‍රකාශයට පත් කොට තිබුණි. අවසන් පොදු සමා කාලය පසුගිය දෙසැම්බර් මස 31දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ යටතේ නිලධාරින් සහ සෙසුනිලයින් නව දහසකට ආසන්න පිරිසක් අවසන් නිශ්කාෂණ සඳහා රපෝර්තු කොට තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya