සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් රජයේ ක්‍රියාමාර්ග ලෝකයේ පිළිගැනීමට ලක්වෙලා

    ජනවාරි 20, 2017
    රටක් ලෙසින් ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ගයන් ඉතා නිවැරදි බව ලෝකය මේ වන විට පිළිගෙන ඇති බවත් පසුගිය රජය සමයේ දී ජාත්‍යන්තර වැදගත් සමුළුවකට හෝ සහභාගිවීමේ අවස්ථාව උදා නොවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    පසුගිය රජය සමයේ දී එක් නිදහස් ආයෝජන කලාපයක් හෝ ආරම්භ නොකළ බවත් කණපිට හරවා තිබූ ආර්ථිකය එක දවසකින් ගොඩනැගිය නොහැකි බවත් පෙන්වාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රටේ ජන සංඛ්‍යාවෙන් හතරෙන් එකක් තරුණ පිරිසට අයත් වන බවත් ඔවුන් සඳහා රැකියා ලබානොදුනහොත් යළි තරුණ නැඟිටීමක් ඇතිවීමට අවස්ථාව ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    වාර්ෂිව ශ්‍රම බලකායට එකතුවන තරුණ ප්‍රජාව වෙනුවෙන් රජයේ රැකියාම ලබාදිය නොහැකි බවත් ඔවුන් වෙනුවෙන් රැකියා උත්පාදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් පෙන්වා දෙන ඒ මහතා විපක්ෂය ක්‍රියාත්මක කරන්නාවු සිල්ලර ක්‍රියාවන් හරහා 2020 වසර වෙනතුරු වත්මන් ආණ්ඩුව පෙරළිය නොහැකි බවත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya