සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් ස්ථාන මට්ටමින් රථවාහන මෙහෙයුමක්

    ජනවාරි 20, 2017
    රියදුරු අසුනේ අඳුරු වීදුරු සහ තිර රෙදි සහිතව ධාවනය කරන වාහන සම්බන්ධව පොලිස් ස්ථාන මට්ටමින් 31දා තෙක් රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
     
    ඊයේ (19) ආරම්භ වූ මෙම වැඩසටහන හරහා රියදුරු අසුනේ අඳුරු වීදුරු සහ තිරරෙදි ගලවා ඉවත්කරන ලෙසට අවවාද කරන අතර එසේ අවවාද කිරීමෙන් පසු ගලවා ඉවත් නොකරන වාහන සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.
     
    1983 මෝටර් වාහන පාවිච්චි කිරීමේ නියෝගයන්හි 20වැනි වගන්තියෙන් සංශෝධිත 1995 ජුලි 16දා නිකුත් කරන ලද රජයේ ගැසට් පත්‍ර 875/8 අනුව පොලිස් ස්ථාන මට්ටමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
     
    බොහොමයක් වාහනවල රියදුරු අසුනේ දෙපසම ආවරණය වන පරිදි තිර රෙදි හා අඳුරුපැහැ ගැන්වුණු වීදුරු මගින් ආවරණය කර ධාවනය කරන අවස්ථා නිරීක්ෂණය වී ඇත.එම හේතුවෙන් අනතුරු ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇති වී ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya