යුද්ධයේදී දිවිපිදු හා ආබාධිත වූ රණවිරුවන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් 2015 පහ වසර ශිෂ්‍යත්වය සමත් රණවිරු දු දරුවන් 103 සඳහා රු.20,000 වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව පිරිනැමීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරිණි.
මෙම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ සිදු කරන ලදී. මෙහි පළමු අදියර ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේදී පැවැත්වුණු අතර එහිදී පහ වසර ශිෂ්‍යත්වය සමත් රණවිරු දු දරුවන් 58 දෙනෙකු අගයා ප්‍රතිලාභ ලබා දෙන ලදී.
මෙම වැඩසටහනේ දෙවන අදියර 2017.01.17 දින නාවික හමුදා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී පහ වසර ශිෂ්‍යත්වය සමත් රණවිරු දු දරුවන් 45 දෙනෙකු ප්‍රතිලාභ ලබා දෙන ලදී.
මෙම වැඩසටහනට අමතරව අධ්‍යාපනයට ශක්තිමත් අත්වැලක් සැපයීම සඳහා දැනට 6 වසරේ සිට 11 වසර දක්වා පාසල් අධ්‍යාපනය ලබන රණවිරු දූ දරුවන් හට ලබා දෙන රු.12000/= ක වටිනා කමින් යුත් ශිෂ්‍යත්වයද ලබා ගැනීමේ වරප්‍රසාදය හිමිවේ. මෙහිදී රණවිරු සේවා අධිකාරිය මගින් එම දරුවන් වෙනුවෙන් ආරම්භ කරන ලද ඉතිරිකිරීමේ ගිණුමකට මාසිකව මුදල් බැර කිරීම සිදු කරනු ලැබේ.
යුද්ධයේ දී දිවිපිදු හා ආබාධිත වූ රණවිරුවන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් මේවන විට රණවිරු සේවා අධිකාරිය මඟින් ශිෂ්‍යත්ව 15,000 කට අධික ප්‍රමාණයක් ලබාදී ඇත.