අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වගා ළිං 7000ක් ප්‍රතිසංස්කරණය කරනවා - වගාවන් බේරාගැනීමට උත්සහ කරනවා - වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්

    ජනවාරි 18, 2017

    ජලය ලබාගැනීම සඳහා වගා ළිං 7000ක් ප්‍රතිසංස්කරණය කරන බවත් පෙර සූදානමක වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිටිය  බවත් කෙසේ හෝ වගාවන් බේරාගැනීමට කටයුතු කරන බවත්  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් වීරසිංහ මහතා පවසයි.

    අධ්‍යක්ෂ ජනරාල්වරයා, මේ බව ප්‍රකාශ කළේ, අයහපත් කලගුණික තත්ත්වය  හේතුවෙන් වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදු වී තිබෙන බලපෑම සහ ඉදිරි වැඩසටහන පිළිබඳව අද (18) කොළඹ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

     

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ පූර්ව දැනුවත් කිරීම් නිසා අප කලින් ම දැනසිටියා, නියඟ තත්ත්වය පිළිබඳව. ඒ අනුව අපි කටයුතු කළා. ඒ නිසා මෙවර වගා කලේ අක්කර 59,39,000ක් පමණයි.අතිරේක බෝග අක්කර 19,000ක් වගා කර තිබෙනවා.

     

    ජලය ලබාගැනීම සඳහා වගාළිං 7000ක් ප්‍රතිසංස්කරණය කරනවා. තවත් වගාළිං 1225ක් අවශ්‍ය වෙනවා.ජලය අවශ්‍ය ,අවධානමට ලක්ව ඇත්තේ අක්කර 35,000ක වගාවක්. අද වනවිට ජලාශවල ජල මට්ටම  සියයට 23%ක්.

    වගාව සඳහා ජලය ලබාදුන් විට ඉතිරි වන්නේ සියයට 10%ක්.ජල මුර ක්‍රමයට ලබාදීම කරනවා. කෙසේ හෝ වගාවන්  නියඟයෙන් බේර ගැනීමට උත්සහ කරනවා. අපි පෙර සූදානමක් තිබුණ නිසා ජලාශවල මට්ටම හොඳයි යැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya